Epa Thawath Oba Ma Rawatannata Song Lyrics - එපා තවත් ඔබ මා රවටන්නට ගීතයේ පද පෙළ

Epa Thawath Oba Ma Rawatannata Song Lyrics - එපා තවත් ඔබ මා රවටන්නට ගීතයේ පද පෙළ
Song Title : Epa Thawath Oba Ma Rawatannata (එපා තවත් ඔබ මා රවටන්නට)
ගායනය : වසන්තා තිලකාංගනී
සංගීතය : රෝහණ වීරසිංහ
ගී පද : බන්දුල නානායක්කාරවසම්


එපා තවත් ඔබ මා රවටන්නට
ඇගේ සෙවන මුදු මල් යහනාවක් නම්..
ඒ මල් යහනේ ඔබ සැතපෙනු මැනවී
අඳුරු මතකයෙන් මට සමුදෙනු මැනවී..

තව මොහොතක් හෝ මේ පෙම් රංගනයේ
නිලියක වනු පල නෑ...
ප්‍රේමය කිමදැයි ඔබෙන් උගත මුත්
එහි මහරුත ඔබ තව වටහාගෙන නෑ...

එපා තවත් ඔබ මා රවටන්නට
ඇගේ සෙවන මුදු මල් යහනාවක් නම්..
ඒ මල් යහනේ ඔබ සැතපෙනු මැනවී
අඳුරු මතකයෙන් මට සමුදෙනු මැනවී...//

මිරිඟු දිය සොයා මුවැත්තියක විලසේ
තවදිව යනු රිසි නෑ...
අවසන් පෙම් කඳුලක් පුද දුන් පසු
ඔබට පුදන්නට මා ලඟ සෙනෙහස නෑ...

එපා තවත් ඔබ මා රවටන්නට
ඇගේ සෙවන මුදු මල් යහනාවක් නම්..
ඒ මල් යහනේ ඔබ සැතපෙනු මැනවී
අඳුරු මතකයෙන් මට සමුදෙනු මැනවී...//

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment