බිත්තර හොට් බන්ස් හදමු (Egg Hot Buns)

බිත්තර හොට් බන්ස් හදමු (Egg Hot Buns) - Your Choice Way

අද මම උදේට කන්න රස කෑමක් හැදුවා . බිත්තර හොට් බන්ස් (Egg Hot Buns).හැබැයි මම හොට් බන්ස් හැදුවේ ඊයේ හවස . මොකද පිපෙන්න තියලා හදන්න වෙලා යන නිසා .

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  • පාන් පිටි   260g (කප් 2)
  • බටර් හෝ මාජරින් මේස හැදි 1 
  • සීනි තේ හැදි 1 
  • බිත්තර 1
  • කිරිපිටි මේස හැදි 1 
  • ලුනු තේ හැදි  1/2
  • වතුර මේස හැදි 4  (යාන්තම් කූල් වතුර)
  • ඊස්ට් තේ හැදි 1 
  • සීනි  තේ හැදි 1 
  • මද රස්නෙ වතුර කප්  1/4

✅ සාදා ගන්නා ආකාරය :

  1. පලමුව කප් එකකට ඊස්ට් , සීනි , මද රස්නෙ වතුර දමා දිය කර පිපෙන්න විනාඩි 10 තබන්න. 
  2. භාජනයකට පාන් පිටි , කිරිපිටි , බටර් , ලුනු සහ බිත්තර 1 ටිකක් තට්ටු කර 1/2 එකතු කරන්න.
  3. දැන් ඊස්ට් මිශ්‍රණය දමා හොඳින් මිශ්‍ර කරන්න. යාන්තම් කූල් වතුර මේස හැදි 4 දමා මිශ්‍ර කර ඩෝ එකක් සාදා ගන්න. 
  4. දැන් එය ඩෝ මැට් එකක් උඩට දමා විනාඩි 10 පමණ නීඩ් කරන්න. වැඩියේ අත තද කරන්න එපා. 
  5. දැන්  දිග අතට රෝල් කර සමාන කොටස් 4,කට වෙන් කර බෝල සාදා පිටි ඉසු ට්‍රේ එහෙක(එකක) තබා රෙද්දකින් වසා විනාඩි 30 පමණ පිපෙන්න තබන්න . 
  6. විනාඩි 30 ට පසු බෝලයක් ගෙන පිටි තැවරු ලැල්ලක් මත තුනී කර ඉස්සරහින් ත්‍රිකෝනාකාරව නවා දෙපැත්තෙන් අල්ලා ඉදිරියට රෝල් කරන්න.මැදින් අල්ලන්න එපා. මෙලෙස සියල්ලම සාදා නැවත රෙද්දකින් වසා විනාඩි 20ක් පමණ පිපෙන්න තබන්න . 
  7. විනාඩි 20ට පසු ඒවා උඩින් ඉතිරි වු බිත්තර සාරය ගාන්න .
  8. අවන් එක උෂ්ණත්වය 200ට විනාඩි 10 pre heat (පෙර රත් කරන ලද) කර විනාඩි 15ට සෙට් කර බේක් කරන්න. 
සදා ගත් පසු පිරවුම සදහා
  • බිත්තර  
  • තක්කාලි පෙති 
  • රට ළුනු පෙති 
  • අමු මිරිස් කරල් හරහට කැපුවා 
  • ගම්මිරිස් කුඩු
  • බටර්  
  • සෝස් 
  • සළාද කොල  (මම තිබ්බේ නැහැ මගේ ලග නැති නිසා ). 
මේවා සියල්ලම පෙති කපා පහල පින්තූරයේ පෙනන පරිදි සරසා ගන්න . උඩින් සෝස් දාන්න . 

හදලා බලන්න කෝ .Dhammika Panangala (ධම්මිකා පනංගල)

බිත්තර හොට් බන්ස් හදමු (Egg Hot Buns) - Your Choice Way

බිත්තර හොට් බන්ස් හදමු (Egg Hot Buns) - Your Choice Way

බිත්තර හොට් බන්ස් හදමු (Egg Hot Buns) - Your Choice Way
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment