Denodahak Gawasena Sarasaviye Song Lyrics - දෙනෝදහක් ගැවසෙන සරසවියේ ගීතයේ පද පෙළ

Denodahak Gawasena Sarasaviye Song Lyrics - දෙනෝදහක් ගැවසෙන සරසවියේ ගීතයේ පද පෙළ
Song Title : Denodahak Gawasena Sarasaviye (දෙනෝදහක් ගැවසෙන සරසවියේ)
ගායනය : මිල්ටන් මල්ලවාරච්චි
ගී පද : විජය රාමනායක
සංගීතය : සරත් දසනායක


දෙනෝදහක් ගැවසෙන සරසවියේ
පාළුව තනිකම දැණෙනවනම්
කුටියේ කවුළුව විවර කරනු මැන
සුළඟක් වී ඔබ වෙත එන්නම්

ඔබ සරසවියක මා පොඩි ගෙපැලක
එක්වන්නට අද වරම් නැතේ //
එකම පන්තියේ එක ළඟ ඉඳගෙන
පාසල් ගිය හැටි සිතට නැගේ

දෙනෝදහක් ගැවසෙන සරසවියේ
පාළුව තනිකම දැණෙනවනම්
කුටියේ කවුළුව විවර කරනු මැන
සුළඟක් වී ඔබ වෙත එන්නම්

ඔබ හා අත්වැල් බැඳ ඇවිදින්නට
පෙරුම් පිරූ පාසැල් සමයේ //
සිල්ප සතර රැඳුණේ නැහැ මා සිත
ඒ හින්දයි අපි දුරස් වුණේ

දෙනෝදහක් ගැවසෙන සරසවියේ
පාළුව තනිකම දැණෙනවනම්
කුටියේ කවුළුව විවර කරනු මැන
සුළඟක් වී ඔබ වෙත එන්නම්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment