Dasa Nilupul Thema Song Lyrics - දෑස නිලුපුල් තෙමා ගීතයේ පද පෙළ

Dasa Nilupul Thema Song Lyrics - දෑස නිලුපුල් තෙමා ගීතයේ පද පෙළ
Song Title : Dasa Nilupul Thema (දෑස නිලුපුල් තෙමා)
ගායනය : විශාරද ගුණදාස කපුගේ
පද රචනය : ප්‍රියානන්ද විජේසුන්දර
තනුවේ සංකල්පනාව : විශාරද ගුණදාස කපුගේ
ස්වර රටා හා සංගීතය : මහාචාර්ය සනත් නන්දසිරි
මේ කපුගේ ගුවන් විදුලියේ ගැයූ මුල් ගීයයි. එවකට කපුගේ ගුවන් විදුලියේ නාද ශික්ෂකයෙකු ලෙස සේවයෙහි නියුක්ත විය. (1973)



දෑස නිලුපුල් තෙමා
දෑස නිලුපුල් තෙමා
කඳුළු මුතුවැල් සලා
දෙතොල සුසුමින් පුරා ඉකිබිඳ
හඬණු මල්මාලියේ
හඬණු මල්මාලියේ ...//

නිහඬ හදවත් පොතේ ලියැවුණු
සොඳූරු ගී වැල් නැතේ මා තැනූ ...//
ඔබේ කඳූළැලි මා සිතේ
නිබඳ පදවැල් ඇඳේ
නිබඳ පදවැල් ඇඳේ

කඳුළු මුතුවැල් සලා
දෙතොල සුසුමින් පුරා ඉකිබිඳ
හඬණු මල්මාලියේ
හඬණු මල්මාලියේ

පබළු මිණිමුතු නැතේ මා සතූ
කඳුළු මුතු ඇත ඔබේ මා පැතූ ...//
තුසර පිණි ලෙස මල් මතේ
කඳූළු කොපුලේ රැඳේ
කඳූළු කොපුලේ රැඳේ

කඳුළු මුතුවැල් සලා
දෙතොල සුසුමින් පුරා ඉකිබිඳ
හඬණු මල්මාලියේ
හඬණු මල්මාලියේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment