බර්ගර් බන්ස් හදමු (Burger Buns)

බර්ගර් බන්ස් හදමු (Burger Buns) - Your Choice Way

අද මම ☕ වෙලාවට  කන්න රස කෑමක් හැදුවා . බර්ගර් බන්ස්  (Burger Buns).හැබැයි මම අද උදේ මේ බර්ගර් බන්ස් හැදුවේ . මොකද පිපෙන්න තියලා හදන්න වෙලා යන නිසා .

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  • පාන් පිටි   260g    කප් 2 
  • බටර් හෝ මාජරින් මේස හැදි 1 
  • සීනි තේ හැදි 1 
  • බිත්තර 1
  • කිරිපිටි මේස හැදි 1 
  • ලුනු තේ හැදි  1/2
  • වතුර මේස හැදි 4  (යාන්තම් කූල් වතුර )
  • ඊස්ට් තේ හැදි 1 
  • සීනි  තේ හැදි 1 
  • මද රස්නෙ වතුර කප්  1/4

✅ සාදා ගන්නා ආකාරය :

  1. පලමුව කප් එකකට ඊස්ට් , සීනි , මද රස්නෙ වතුර දමා දිය කර පිපෙන්න විනාඩි 10 තබන්න . 
  2. භාජනයකට පාන් පිටි , කිරිපිටි , බටර් , ලුනු සහ බිත්තර 1 ටිකක් තට්ටු කර 1/2 එකතු කරන්න . දැන් ඊස්ට් මිශ්‍රණය දමා හොඳින් මිශ්‍ර කරන්න . යාන්තම් කූල් වතුර මේස හැදි 4 දමා මිශ්‍ර කර ඩෝ එකක් සාදා ගන්න . 
  3. දැන් එය ඩෝ මැට් එකක් උඩට දමා විනාඩි 10 පමණ නීඩ් කරන්න . වැඩියේ අත තද කරන්න එපා . 
  4. දැන්  දිග අතට රෝල් කර සමාන කොටස් 4,කට වෙන් කර බෝල සාදා පිටි ඉසු ට්‍රේ එහෙක තබා රෙද්දකින් වසා විනාඩි 30 පමණ පිපෙන්න තබන්න . 
  5. විනාඩි 30 ට පසු බෝලයක් ගෙන පිටි තැවරු ලැල්ලක් මත තුනී කර වටෙන් ඇතුලට නවා මැද එකතු කර තද කරන්න . නැත්නම් බේක් වනවිට දිග ඇරෙයි . පසුව අතින් රවුම් හැඩයට සාදා ගන්න .මෙලෙස සියල්ලම සාදා නැවත රෙද්දකින් වසා විනාඩි 20ක් පමණ පිපෙන්න තබන්න . 
  6. විනාඩි 20ට පසු ඒවා උඩින් ඉතිරි වු බිත්තර සාරය ගාන්න . මම උඩට තල ඇට ටිකක් දැම්මා . 
  7. අවන් එක උෂ්ණත්වය 200ට විනාඩි 10 pre heat කර විනාඩි 15ට සෙට් කර බේක් කරන්න . 

සදා ගත් පසු පිරවුම සදහා 

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  • බිත්තර 2 කින් සිහින්ව ළුනු සහ අමු මිරිස් කපා ලුනු කුඩු  එකතු කර  ඔම්ලට් 4 හැදුවා .
  • තක්කාලි පෙති 
  • රට ළුනු පෙති 
  • ගම්මිරිස් කුඩු
  • සලාද කොල 

✅ සාදා ගන්නා ආකාරය :

  1. මේවා සියල්ලම පෙති කපා  බර්ගර් බන්ස් එක මැදින් පලා පලමුව සලාද කොල තබා ඒක උඩින්  ඔම්ලට් එකක් තබා ඊට උඩින් තක්කාලි , ළුනු පෙති තබා ගම්මිරිස් කුඩු ටිකක් දමා   පහල පින්තූරයේ පෙනන පරිදි සරසා ගන්න .  හදලා බලන්න කෝ .
Dhammika Panangala (ධම්මිකා පනංගල)
බර්ගර් බන්ස් හදමු (Burger Buns) - Your Choice Way

බර්ගර් බන්ස් හදමු (Burger Buns) - Your Choice Way

බර්ගර් බන්ස් හදමු (Burger Buns) - Your Choice Way

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment