අන්නාසි වෑංජනය හදමු (Annasi Curry - Pineapple Curry)

අන්නාසි වෑංජනය හදමු (Annasi Curry - Pineapple Curry) - Your Choice Way

කන්න කන්න ආස හිතෙන අන්නාසි වෑංජනය.

✅ අවශ්‍ය ද්‍රව්‍ය : 

  • අන්නාසි ගෙඩියක් 
  • B (බී) ළූණු ගෙඩියක්
  • මිරිස් කරල් 3 ක් කරපිංචා
  • කුරුදු
  • සුදු ලුණු ගෙඩි කිහිපයක්
  • ඉගුරු කැබැල්ලක්
  • එනසල්
  • කරාබුනැටි
  • අබ කුඩු සොවල්පයක්
  • මිරිස් කුඩු කහ පමණට
  • තුනපහ කුඩු
  • කෑලි මිරිස් ටිකක් සිනි හැන්දක්
  • ලුණු කුඩු
  • පොල් කිරි (මිටිකිරි) කෝප්පයක්
  • පොල් තෙල් ටිකක් 

✅ සාදා ගන්නා ආකාරය :

  1. මුලින්ම අන්නාසි ගෙඩිය  සුද්ද කර සෝදා පොඩි කැබලි වලට කපා ගන්න.
  2. ඉන් පසුව අන්නාසි කෑලි ටික භාජනයකට දමා එයට ලුණු කුඩු හැන්දක් හා සිනි හැන්දක් දමා හොදින් අතගා  පසෙක තබා ගන්න.
  3. සුදු  ලුණු හා ඉගුරු කැබැල්ල පොඩි වෙනකම් තලා ගන්න.
  4. ඉන්පසුව මැටි ඇතිලියක් සෝදා ලිප තබා ගෙන පොල් තෙල් දමා රත් වූ පසු  තලාගත් ඉගුරු සුදු ලුණු දමා එය රන්වන් වනතුරු බැදෙන්නට හැර එයට කපාගත් ලුණු මිරිස් හා කුරුදු පොතු එනසල් ,කරාබුනැටි  දමා හොදින් කලවම් කර ටිකක් බැදෙන්නට හරින්න.
  5. ඉන්පසුව අර ලුණු හා සිනි සමග අනාගත් අන්නාසි වල ඇති ඉස්ම ටික අර ලිපෙහි ඇති අතිලියට දමා ඉන්පසුව මිරිස් කුඩු හා කහ කුඩු ද අබ කුඩු ද තුනපහ කුඩු ද කෑලි මිරිස් ටිකක් ද දම හොදින් කලවම් කර පසුව එයට අන්නාසි කැබලි දමා මදගින්නේ ඉදෙන්නට හරින්න.
  6. අන්නාසි කැබලි මදගින්නේ තම්බුනු පසුව එයට පොල්කිරි කෝප්පය දමාගන්න ඉන්පසුව ලිපෙහි ගින්දර වැඩි කර ගන්න දැන් ලුණු බලා මදිනම් ලුණු සිනි ටිකක් එකතු කරගන්න.
  7. දැන් පොල් කිරි හිදීමට හැර ලිපෙන් බාන්න
♦️ එහෙනම් ඔයාල හැමෝටම  වාසනාවේ සුවහසක් මල් පිපේවා කියල ප්‍රාර්ථනා කරනවා! උතුම් තෙරුවන් සරණයි ☸ 
අන්නාසි වෑංජනය හදමු (Annasi Curry - Pineapple Curry) - Your Choice Way

අන්නාසි වෑංජනය හදමු (Annasi Curry - Pineapple Curry) - Your Choice Way

✍️ ගයාන් විදාන පතිරණ 
Lecturer in Management & English Language, CA, IELTS Examiner, Ex-Banker, JP (All Island

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment