Ahase Athata Song Lyrics - අහසේ ඈතට ගීතයේ පද පෙළ

Ahase Athata Song Lyrics - අහසේ ඈතට ගීතයේ පද පෙළ
Song Title : Ahase Athata (අහසේ ඈතට)
ගායනය : සිසිර සේනාරත්න
පද : දයා ද අල්විස්
තනුව : සිසිර සේනාරත්න


අහසේ ඈතට
පාවී යනවා....
සරුංගලේ.....
සරුංගලේ.....

පුංචි තිතක් වී
පුංචිම පුංචි තිතක් වී
ඈතින් ඈතට ඉගිලී යනවා
සරුංගලේ
සරුංගලේ

සැරසිලි දාලා කවුද හැඩ කළේ
සරුංගලේ නෑ දන්නේ
අන්න ඒ ලෙසේ නිදහස සොයනා
ඔබෙ හිත මා සසලන්නේ //

අහසේ ඈතට
පාවී යනවා
සරුංගලේ
සරුංගලේ

නොපෙනෙන ඈතට ඉගිලී ගිය දා
ඉරණම කෙලෙසද වන්නේ
ඉරුණු සරුංගල් තැන තැන වැලපෙනු
නැති දෝ ඔබට පෙනෙන්නේ //

අහසේ ඈතට
පාවී යනවා
සරුංගලේ
සරුංගලේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment