දවසේ වැදගත්කම - නොවැම්බර් 14 ලෝක දියවැඩියා දිනය (Significance Of The Day - November 14 World Diabetes Day)

දවසේ වැදගත්කම - නොවැම්බර් 14 ලෝක දියවැඩියා දිනය (Significance Of The Day - November 14 World Diabetes Day) - Your Choice Way

අද නොවැම්බර් 14, ලෝක දියවැඩියා දිනය අදයි! 2007 දී එක්සත් ජාතීන්ගේ මහාමණ්ඩල සැසිවාරයේදී 61/225 යෝජනාව අනුව සෑම වසරකම නොවැම්බර් 14 දින ලෝක දියවැඩියා දිනය ලෙස ප්‍රකාශයට පත්කරන ලදී . 

එලෙස නොවැම්බර් 14 ලෝක දියවැඩියා දිනය ලෙස ප්‍රකාශයට පත්කිරීම සිදුකරන ලද්දේ 1922දී චාල්ස් එච් බෙස්ට් සමග ඉනිසියුලීන් සොයාගත් ශ්‍රීමත් ෆෙඩ්‍රික් ජී බැංටින් ගේ ජන්ම දිනය නොවැම්බර් 14 වැනිදා යෙදීම නිසාය.

2014 වන විට ලොව පුරා වැඩිහිටියන් මිලියන 422 ක් දියවැඩියා රෝගයෙන් පෙලෙන බවද සොයාගෙන තිබේ. මෑතකාලීනව දියවැඩියා රෝගය ඉහළ ආදායම් ලබන රටවල් වලට සපේක්ෂව අඩු සහ මැදි ආදයම් ලබන රටවල වේගයෙන් ඉහළ ගොස් ඇත. 

පෝෂදායී ආහාර වේලක් ගැනීම, ව්‍යායාම, දුම්වැටි භාවිතය නවතාදැමීම දියවැඩියාව පාලනය කිරීමට හොදම පියවරයන් බව ලෝක සෞඛ්‍ය සංවිධානය සිය දියවැඩියා දින පණිවිඩයේ පෙන්වාදී ඇත.

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment