Wikasitha Nayanin Song Lyrics - විකසිත නයනින් ගීතයේ පද පෙළ

Wikasitha Nayanin Song Lyrics - විකසිත නයනින් ගීතයේ පද පෙළ

Wikasitha Nayanin Song Lyrics - විකසිත නයනින් ගීතයේ පද පෙළ
Song Title : Wikasitha Nayanin (විකසිත නයනින්)
ගායනය : පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව සහ මහාචාර්ය සනත් නන්දසිරි
පද රචනයvබණ්ඩාර කේ. විජේතුංග
තනුව : මහාචාර්ය සනත් නන්දසිරි


විකසිත නයනින් මා හිනැහෙන විට
ලොවම සිනාසෙයි මා සමඟින්

ඔබේ ඇතුලු හද වැළපෙන මොහොතේ
ලොවක කඳුළු නැත ඔබ වෙනුවෙන්
ඔබ වෙනුවෙන්
ඔබ වෙනුවෙන්

තුරුණු සැඳෑවක ලහිරු තලාවක
මිතුරු සමාගම ඔකඳවෙවී ඇත

අඳුර ගලා විත් ලොවම වැසූ කල
නෙත් සඟවා ගෙන තනිව නිදයි

විකසිත නයනින් මා හිනැහෙන විට
ලොවම සිනාසෙයි මා සමඟින්

ඔබේ ඇතුලු හද වැළපෙන මොහොතේ
ලොවක කඳුළු නැත ඔබ වෙනුවෙන්
ඔබ වෙනුවෙන්
ඔබ වෙනුවෙන්

ගීත ලතාවක දිගැසි ඉනාවක
දෙතොල් අමා විත පිරී ඉතිර ඇත

දෙනෙත් ඇඳිරි වී දෑත් සැළෙන දින
ඔබට ඔබත් නැත
ඔබට ඇයත් නැත

විකසිත නයනින් මා හිනැහෙන විට
ලොවම සිනාසෙයි මා සමඟින්

ඔබේ ඇතුලු හද වැළපෙන මොහොතේ
ලොවක කඳුළු නැත ඔබ වෙනුවෙන්
ඔබ වෙනුවෙන්
ඔබ වෙනුවෙන්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment