ආලූ බහාජී හදමු (Aloo Bhaji)

ආලූ බහාජී හදමු (Aloo Bhaji) - Your Choice Way
පූරී කන්න අල දාලා හදන රස ව්‍යාංජනය අපේ කටට රසට අපේ ක්‍රමයට අපි දැන් හදමු. ඉන්දියන් අය ඒකට කියන්නේ ආලූ බහාජී (Aloo Bhaji) කියලා. මෙම ව්‍යාංජනය සෑදීමට අවශ්‍ය ද්‍රව්‍ය...

✅ අවශ්‍ය ද්‍රව්‍ය :
  • ✔ ලොකු අල ගෙඩි x 03
  • ✔ තෙල් මේස හැඳි 02  (2 tbsp)
  • ✔ අබ තේ හැඳි 01  (1 tsp)
  • ✔ ඵෑණු පොඩි ගෙඩි x 01
  • ✔ කරපිංචා
  • ✔ රම්පේ
  • ✔ කහ කුඩු තේ හැඳි 1/4  (1/4 tsp)
  • ✔ ලුණු තේ හැඳි 1/4  (1/4 tsp)
  • ✔ දෙහි යුෂ මේස හැඳි 01  (1 tbsp)
  • ✔ ඉඟුරු තේ හැඳි 01  (1 tsp)
  • ✔ අමු මිරිස් අවශ්‍ය පමණ
  • ✔ වියළි මිරිස් අවශ්‍ය පමණ
tsp - තේ හැදි
tbsp - මේස හැදි

✅ සාදා ගන්නා ආකාරය :

  1. මුලින්ම ලුණු දමා අල තම්බා ගන්න. දැන් අබ, ඵෑණු, කරපිංචා, රම්පේ, වියළි මිරිස්, අමු මිරිස්, ඉඟුරු ආදී සියල්ල දමා තෙම්පරාදු කරගන්න. 
  2. කහ, ලුණු අවශ්‍ය පරිදි දමා තම්බා ගත් අල පොඩි කර තෙම්පරාදුවට දමා කලවම් කරන්න. ටික වේලාවක් ලිප තබා හිදී ගෙන එන විට දෙහි යුෂ දමා ගන්න.
  3. ලුණු ඇඹුල් රස පදමට බලා ලිප Off කරගන්න.

මෙම ව්‍යාංජනය පූරී සමඟ වගේම පරාටා, රොටි, සමඟද රස බැලිය හැක.
ආලූ බහාජී හදමු (Aloo Bhaji) - Your Choice Way

තවත් රස පදමට හදන Recipe අරගෙන මම ආයිත් එන්නම්.සියලු දෙනාට සුභ දවසක්...
රස පදම ශාලිකා විජේවර්ධන
අපේ රස පදම Page එක Like කරලා Share කරන්නත් අමතක කරන්න එපා.

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment