Sudu Mudu Walle Song Lyrics - සුදු මුදු වැල්ලේ ගීතයේ පද පෙළ

Sudu Mudu Walle Song Lyrics - සුදු මුදු වැල්ලේ ගීතයේ පද පෙළ
Song Title : Sudu Mudu Walle (සුදු මුදු වැල්ලේ)
ගායනය : රූකාන්ත ගුණතිලක, චන්ද්‍රලේඛා පෙරේරා
සංගීතය : රූකාන්ත ගුණතිලක


සුදු මුදු වැල්ලේ සුළඟ හමන්නේ ආදරේ
හිරි පොද වැස්සේ පින්න සලන්නෙත් ආදරේ
දිලි දිලී අහසේ නිවි නිවි රහසේ
මුතු කැ‍ට තරු වැල් අප‍ට කියන්නෙත් ආදරේ //

මල් සුවඳ සොයා බඹරා එනවා
ආදරය සොයා ඔබ ළඟ වෙනවා
සමනල් රෑනේ පියඹා යනවා
මල් ගොමු දැකලා නැවතී යනවා
සෙනෙහේ සුව දේ සැමදා

සුදු මුදු වැල්ලේ සුළඟ හමන්නේ ආදරේ
හිරි පොද වැස්සේ පින්න සලන්නෙත් ආදරේ
දිලි දිලී අහසේ නිවි නිවි රහසේ
මුතු කැ‍ට තරු වැල් අප‍ට කියන්නෙත් ආදරේ //

ලොව සැනසීමයි ලොව නැලවීමයි
ලොව ගැලවීමයි ආදරය තමයි
ඔබ හා එනවා ඔබ හා යනවා
දිවි තියෙන තුරා සිත සැනසෙනවා
සෙනෙහේ සැරදේ සැමදා

සුදු මුදු වැල්ලේ සුළඟ හමන්නේ ආදරේ
හිරි පොද වැස්සේ පින්න සලන්නෙත් ආදරේ
දිලි දිලී අහසේ නිවි නිවි රහසේ
මුතු කැ‍ට තරු වැල් අප‍ට කියන්නෙත් ආදරේ //

මුතු කැ‍ට තරු වැල් අප‍ට කියන්නෙත් ආදරේ ///

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment