වේලපු බත් අග්ගලා හදමු (Roasted Rice Sweet Balls)

වේලපු බත් අග්ගලා හදමු (Roasted Rice Sweet Balls) - Your Choice Way
මම ඔයාලට අද කියන්න යන්නේ රසම රස කෑමක් ගැන. මේක ඉස්සර කාලේ නම් හරි ප්‍රසිද්ධයි. දැන් අපෙන් අතහැරි ගෙනයන රස කැවිලි වර්ගයක්. දැන් නම් බත් ඉතිරි වුණොත් කෙලින්ම Dustbin. එත් ඉස්සර අපේ ආච්චිලා , අම්මලා හරිම අරපිරිමැස්මෙන් ඉතුරු බත් වලින් මේවගේ විවිධ කෑම වර්ග හදලා තියෙනවා.දැන් අපි බලමු මේ අග්ගලා එක හදන්නේ කොහොමද කියලා.මුලින්ම ඕන කරන දේවල් අපි ලං කර ගමු. 

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  • 🍚 වේලපු බත්
  • 🥥 ගා ගත් පොල්
  • 🧂 සීනි
  • 🥜 රටකජු (අවශ්‍ය නම්)
  • 🥃 පොල්තෙල් (වේලා ගත් බත් බැඳ ගැනීමට)

✅ සාදා ගන්නා ආකාරය :

  1. මුලින්ම වේලපු බත් තෙලේ රන්වන් පාට වෙනකල් පරිස්සමට බැඳ ගන්න. 
  2. බැඳ ගත් බත් ටික හොඳින් කුඩු කර ගන්න. (Blender) 
  3. දැන් ගා ගත් පොල් ටික ටික වේලාවක් කබලේ බැඳ ගන්න. 
  4. දැන් සීනි ටිකකට වතුර ස්වල්පයක් දමා ලිප තබා උකු ගතිය එනතෙක් හැඳි ගාන්න. 
  5. ඉන් පසු එයටම කුඩු කරගත් බත්, පොල්, රටකජු ඔයාලට තියෙන ඕන දෙයක් දාලා ගන්න. (රටකජු අවශ්‍යම නෑ. ඒ දේවල් නැතිවත් රසයි.)
  6. දැන් අතින් ගුලි හදන්න පුඵවන් තරම් වෙනකල් ලිපේ තියන් කලවම් කර ගන්න. 
  7. ඉන්පසු එම මිශ්‍රණය නිවෙන්න භාජනයකට දමා ස්වල්ප වේලාවකින් මඳ රස්නයෙන් අවශ්‍ය තරමේ ගුලි 🍪 හදා ගන්න.
වේලපු බත් අග්ගලා හදමු (Roasted Rice Sweet Balls) - Your Choice Way
හදලා බලලා අපිටත් කියන්න. 💛තවත් රස පදමට හදන Recipe අරගෙන මම ආයිත් එන්නම්.සියලු දෙනාට සුභ දවසක්...

රස පදම ශාලිකා විජේවර්ධන
අපේ රස පදම Page එක Like කරලා Share කරන්නත් අමතක කරන්න එපා.

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment