Soya Awa Song Lyrics - සොයා ආවා ගීතයේ පද පෙළ

Soya Awa Song Lyrics - සොයා ආවා ගීතයේ පද පෙළ
Song Title : Soya Awa (සොයා ආවා)
ගායනය : රිද්ම වීරවර්ධන
සංගීතය : චරිත අත්තලගේ
ගී පද : චන්ද්‍රසේන තලංගම


සදා කාලේ මා හදේ වීණා මවා පෑ සිනා
මගේ හීනේ මා සොයා ආවා පැතූ සේ එදා

කොයිද උපමා ලොවේ කිසිදා අසා නෑ මා
හදේ ඇඳුනා හිතේ රැඳුනා ඔබේ රුව මා

මගේ ගීතේ මා එදා කීවා හදේ පෑරෙණා
ඔබේ දෑසේ ගී පොතේ වූවා මගේ චේතනා

ඇයිද ගොළු වී බලා නොබලා සිනා පාලා
සොයා ආවා සොයා ආවා එදා මෙන් මා

දෑසෙ ලා සඳ රේඛා සිසිලේ නෑවේවා
මූණේ ගෑ ආලේපේ සොඳුරේ මා වේවා

ඉතිරේවා සැමදා සෙනේ මා පැතුවා හදින් සමාවී අසන්
අඳුරේ මා නොහෙලා ඉතින් සිනා පා ඉඳින් සදා මා ළඟින්

මගේ ගීතේ මා එදා කීවා හදේ පෑරෙණා
ඔබේ දෑසේ ගී පොතේ වූවා මගේ චේතනා

ඇයිද ගොළු වී බලා නොබලා සිනා පාලා
සොයා ආවා සොයා ආවා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment