Sansara Gamane Song Lyrics - සංසාර ගමනේ ගීතයේ පද පෙළ

Sansara Gamane Song Lyrics - සංසාර ගමනේ ගීතයේ පද පෙළ
Song Title : Sansara Gamane (සංසාර ගමනේ)
ගායනය : පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව
පද රචනය : ධර්මසිරි ගමගේ
තනුව : ආචාර්ය ප්‍රේමසිරි කේමදාස
1966 දී තිරගත වූ 'සැනසුම කොතැනද' චිත්‍රපටියේ ගීයකි.
1967 පවත්වන ලද සරසවිය 4 වන සම්මාන උළෙලේදී හොඳම ගායනය වෙනුවෙන් අමරදේවයන් සම්මානයෙන් පුද ලැබුවේ මේ ගීයටයි. චිත්‍රපටියේ එම ගීය හා මුසු රඟපෑම් ඉදිරිපත් කළ සන්ධ්‍යා කුමාරි ද විශේෂ කුසලතා සහතිකයකින් පුද ලැබීය.
සැනසුම කොතැනද චිත්‍රපටිය එම වසරේ හොඳම චිත්‍රපටි 5 අතරට ද තේරුණි.


සංසාර ගමනේ තන්හා ආශා
ක්ලේෂ මාර සේනා
ක්ලේෂ මාර සේනා ...//

ස්වර්ණ ලොවට යන මඟ ගිරි දුර්ග සදන්නේ
බිහිසුණු රුදු වේෂ මවා මඟ අවුරන්නේ
සංසාර ගමනේ තන්හා ආශා
ක්ලේෂ මාර සේනා
ක්ලේෂ මාර සේනා

ආදරයේ බැමි සිඳිලා
පෑරුණු සිත සංසිඳිලා
ස්වර්ණ ලොවට යන මඟ මල් දෙපස පිපෙන්නේ
ඈතින් එම රන් විමනේ එළිය පෙනෙන්නේ
සංසාර ගමනේ තන්හා ආශා
ක්ලේෂ මාර සේනා
ක්ලේෂ මාර සේනා

සතර පෙරනිමිති දුටුවේ සසර දුක නිසා
එතෙර විය හැකිය එගොඩට මුනිඳු බණ අසා

සංසාර ගමනේ තන්හා ආශා
ක්ලේෂ මාර සේනා
ක්ලේෂ මාර සේනා

සැනසුම හමුවේ
සියලු දුක් නිවේ ..///

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment