Oba Nathi Me Bima Song Lyrics - ඔබ නැති මේ බිම ගීතයේ පද පෙළ

Oba Nathi Me Bima Song Lyrics - ඔබ නැති මේ බිම ගීතයේ පද පෙළ
Song Title : Oba Nathi Me Bima (ඔබ නැති මේ බිම)
ගායනය : ඉන්ද්‍රානි සේනාරත්න
පද : හර්බට් එම්. සෙනෙවිරත්න
තනුව හා සංගීතය : සිසිර සේනාරත්න
1965 දී තිරගත වූ හඳපාන චිත්‍රපටියේ ගීයකි.
1966 දී පැවති 3 වන සරසවිය සම්මාන උළෙලේදී හොඳම සංගීත අධ්‍යක්ෂකට හිමි සම්මානය මෙම චිත්‍රපටියට හිමි විය.


ඔබ නැති මේ බිම පාළුයි අදුරුයි
මගෙ හද ඇයි ගෙන ගියෙ හංගා
අසරණ මේ මගෙ ආලය ඔබටයි
ගලන තුරා මහවැලි ගංගා //
ඔබ නැති මේ බිම පාළුයි අඳුරුයි

ඉකිබිඳ හඬනෙමි වැළපෙමි දිව රෑ
ඔබ හමුවන තුරු කුසගින්නේ
ආආආ ආ... ආආආ ආ...

ඉකිබිඳ හඬනෙමි වැළපෙමි දිව රෑ
ඔබ හමුවන තුරු කුසගින්නේ
මට මේ ලෙස සිදුවූණෙ ඇයි දෙවියණි
මම නැහැ කෙනෙකුට ගිණි දුන්නේ
දෙවියණි මම නැහැ කෙනෙකුට ගිණි දුන්නේ

ඔබ නැති මේ බිම පාළුයි අඳුරුයි

මගෙ හද අඹරේ හඳපානයි ඔබ
අඳුරු මගේ දිවි එළිය කෙරූ
අඅඅ ආ... ආආආ ආ...

මගෙ හද අඹරේ හඳපානයි ඔබ
අඳුරු මගේ දිවි එළිය කෙරූ
කඳුළු ගඟේ මම පාවී යන්නෙමි
යළි ඔහු මට මුණගැසෙන තුරු
දෙවියණි යළි ඔහු මට මුණගැසෙන තුරු

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment