Mudu Seetha Nil Diye Upan Song Lyrics - මුදු සීත නිල් දියේ උපන් ගීතයේ පද පෙළ

Mudu Seetha Nil Diye Upan Song Lyrics - මුදු සීත නිල් දියේ උපන් ගීතයේ පද පෙළ
Song Title : Mudu Seetha Nil Diye Upan (මුදු සීත නිල් දියේ උපන්)
ගායනය : දීපිකා ප්‍රියදර්ශනී සහ නාලක අංජන කුමාර
පද රචනය : සුනිල් චන්ද්‍ර වික්‍රමසිංහ
තනුව හා සංගීතය : නාලක අංජන කුමාර


මුදු සීත නිල් දියේ උපන් නෙළුම් කුමාරියේ
ළංවී ඉන්නවත් වරම් නැතේ නුරාවියේ
මුදු සීත නිල් වනන්තරේ මධු බමර කුමරුනේ
සුපිපෙන්නවත් ඔබේ නමින් දිය රැලි ගලා ඉඩක් නොදේ

මල් මුවරද සැළී සැළී විල් තෙර මඟ සුවඳවේ //
සුපිපෙන්න ළඟ ඉන්න මට දෝ කියන්නේ
විල් දියේ මා තනිවෙලා

මුදු සීත නිල් දියේ උපන් නෙළුම් කුමාරියේ
ළංවී ඉන්නවත් වරම් නැතේ නුරාවියේ
මුදු සීත නිල් වනන්තරේ මධු බමර කුමරුනේ
සුපිපෙන්නවත් ඔබේ නමින් දිය රැළි ගලා ඉඩක් නොදේ

දිය රැල්ලෙන් මතුවෙලා සුපිපෙන්නකො පෙති සළා //
බමරින්දු නොහඬන්න ඈතින් ඉඳින්නම්
ප්‍රාර්ථනාවන් ගොළු වෙලා

මුදු සීත නිල් දියේ උපන් නෙළුම් කුමාරියේ
ළංවී ඉන්නවත් වරම් නැතේ නුරාවියේ
මුදු සීත නිල් වනන්තරේ මධු බමර කුමරුනේ
සුපිපෙන්නවත් ඔබේ නමින් දිය රැළි ගලා ඉඩක් නොදේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment