Mata Mulu Lowama Obai Song Lyrics - මට මුළු ලොවම ඔබයි ගීතයේ පද පෙළ

Mata Mulu Lowama Obai Song Lyrics - මට මුළු ලොවම ඔබයි ගීතයේ පද පෙළ
Song Title : Mata Mulu Lowama Obai (මට මුළු ලොවම ඔබයි)
ගායනය : රූකාන්ත ගුණතිලක, චන්ද්‍රලේඛා පෙරේරා
සංගීතය : රෝහණ වීරසිංහ
ගී පද : කුලරත්න ආරියවංශ


මට මුළු ලොවම ඔබයි..
මගෙ මුළු ලොවම ඔබයි
සිනහව කඳුල ඔබයි
ජය පැරදුමත් ඔබයි //

ඔබ ළඟ නැති විට හිරු සඳු මිලිනව
ලෝකය නවතිනවා
සුසුමක සිරවී හදවත නවතිනවා
සුසුමක සිරවී හදවත නවතිනවා

මට මුළු ලොවම ඔබයි..
මගෙ මුළු ලොවම ඔබයි
සිනහව කඳුල ඔබයි
ජය පැරදුමත් ඔබයි

ඔබ ලඟ නැතිවිට විකසිත වන ලොව
පිබිදී හිනැහෙනවා...
හදගැඹ සහසක් මල් යලි පිඹිදෙනවා...
හදගැඹ සහසක් මල් යලි පිඹිදෙනවා...

මට මුළු ලොවම ඔබයි..
මගෙ මුළු ලොවම ඔබයි
සිනහව කඳුල ඔබයි
ජය පැරදුමත් ඔබයි

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment