Mama Thawama Innawa Song Lyrics - මම තවම ඉන්නවා ගීතයේ පද පෙළ

Mama Thawama Innawa Song Lyrics - මම තවම ඉන්නවා ගීතයේ පද පෙළ
Song Title : Mama Thawama Innawa (මම තවම ඉන්නවා)
ගායනය : වික්ටර් රත්නායක
පද රචනය : තරින්ද ගුණවර්ධන
සංගීතය : දර්ශන වික්‍රමතුංග


හිතේ හැංගී හැංගි
ඔබ තවම ඉන්නවා
නෙතේ කඳුළැලි තියන්
හිත හුස්ම වැටෙනවා

සිතේ රිද්මය මගේ
ඔබෙ රුවම සොයනවා
ආදරේ ගුලි කරන්
මම තවම ඉන්නවා

මගේ හිත සියුම් තැන්
පෙමින් පිිරිමදිනවා
හඬ හඬා නොකී කවි
හෙමි හෙමින් කියනවා

ඔබෙන් ලද සෙනෙහසේ
සුවය නිති විඳිනවා 
ආදරේ ගුලි කරන් 
මම තවම ඉන්නවා

මවකගෙන් ලද සෙනේ
ඇය මවෙත පුදනවා 
හිරු සඳුත් තාරුකා 
අප දෙපස නැඟෙනවා 

සඳ කිරණ පරදවා 
ඔබෙ වතම පේනවා 
ආදරේ ගුලි කරන් 
මම තවම ඉන්නවා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment