ජෙලි යෝගට් මූස් හදමු (Jelly Yogurt Mousse)

ජෙලි යෝගට් මූස් හදමු (Jelly Yogurt Mousse) - Your Choice Way

දවල්ට කැම කාපු අය එන්න ඩෙසට් කන්න . මම අද තවත් රසවත් ඩෙසට් එකක් ගෙනාවා . ජෙලි යෝගට් මූස් . හරිම රසයි වගේම ලෙහෙසියි හදන්න . අමු ද්‍රව්‍ය දෙකයි .

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  • ජෙලි පැකට් 1 
  • යෝගට් කප් 2 
  • උතුරන වතුර  400ml (රත් වු වතුර)
  • ස්ප්‍රින්කල්ස්, එඩිබල් බීඩ්ස්  හෝ කජු ටිකක්

✅ සාදා ගන්නා ආකාරය :

  1. භාජනයකට උතුරන (රත් වු වතුර) වතුර දමා ජෙලි පැකට් 1 දමා හොඳින් දිය කරන්න . පැණි රස අවශ්‍ය නම් සීනි ටිකක්  එකතු කරන්න. මම නම්  දැම්මේ නැහැ . 
  2. දැන් මේ ජෙලි මිශ්‍රණය හොඳින් නිවන්න.
  3. තවත් තරමක බෝල් එකකට යෝගට් කප් 2 දමා ව්සික් එකකින් ව්සික් කරන්න . විස්ක් එකක් නැත්නම් ගැරුප්පුවකින් ගසන්න . 
  4. නිවාගත් ජෙලි මිශ්‍රණය සහ යෝගට් මිශ්‍රණය බ්ලෙන්ඩර් එකට දමා විනාඩි 5 පමණ ක්‍රීම් වනතුරු බ්ලෙන්ඩ් කරන්න . 
  5. අවසානෙට තමන් කැමති කප් හෝ ට්‍රේ එකකට දමා සෙට් වෙන්න ශිත කරනයේ තබන්න . මම පොඩි කප් 3කට දැම්මා . පැය 1 වගේ යනවිට මෙය  සෙට් වෙනවා . 
  6. පසුව උඩ ස්ප්‍රින්කල්ස්, එඩිබල් බීඩ්ස්  හෝ කජු දමා සරසා ගන්න.  

හදලා බලන්න කෝ .

Dhammika Panangala (ධම්මිකා පනංගල)
ජෙලි යෝගට් මූස් හදමු (Jelly Yogurt Mousse) - Your Choice Way

ජෙලි යෝගට් මූස් හදමු (Jelly Yogurt Mousse) - Your Choice Way

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment