Epa Yali Hamuwenna Song Lyrics - එපා යළි හමුවෙන්න ගීතයේ පද පෙළ

Epa Yali Hamuwenna Song Lyrics - එපා යළි හමුවෙන්න ගීතයේ පද පෙළ
Song Title : Epa Yali Hamuwenna (එපා යළි හමුවෙන්න)
ගායනය : සුනිල් එදිරිසිංහ
පද රචනය : දිශාන් නානායක්කාර
සංගීතය : කරුණාරත්න විජේවර්ධන


එපා යළි හමුවන්න ජීවිතේ ගමන් මඟ
ඔබෙන් මට උරුම වූ වේදනා කඳුළු ගඟ
හිරු සිනාසෙන ලොවක පැතුම් මල් දෙවැට ලඟ
ඔබේ ජීවන සුවඳ අරන් ඈතට යන්න

සංසාර ගමන් මඟ සෙනෙහස සොයා දිනක
ආ ගමන නිමා කල ඔබේ හදවත ගාව
සෙනෙහසේ අවසාන කඳුළු බිඳුවක පහස
ගලා යයි අතීතේ මිය ඇදුණු සොහොන ලඟ

ඔබ මවෙත තිළිණ කල ඔබේ බැතිබර සුවඳ
මගේ මතකය වසා සදා කල් රැඳෙනු ඇත
සංසාරයේ යළිදු නවාතැන් සොයායන
මගේ මළගමදාට ඇවිත් යන්නට එන්න

එපා යළි හමුවන්න ජීවිතේ ගමන් මඟ
ඔබෙන් මට උරුම වූ වේදනා කඳුළු ගඟ
හිරු සිනාසෙන ලොවක පැතුම් මල් දෙවැට ලඟ
ඔබේ ජීවන සුවඳ අරන් ඈතට යන්න

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment