Epa Hiru Payanna Song Lyrics - එපා හිරු පායන්න ගීතයේ පද පෙළ

Epa Hiru Payanna Song Lyrics - එපා හිරු පායන්න ගීතයේ පද පෙළ
Song Title : Epa Hiru Payanna (එපා හිරු පායන්න)
ගායනය : වික්ටර් රත්නායක
සංගීතය : වික්ටර් රත්නායක
ගී පද : කුමාරදාස සපුතන්ත්‍රී


එපා හිරු පායන්න 
අදින් පසු මගේ ලොවට
අදයි අවසන් දවස ඇගෙන් මා...
මගෙන් ඈ සමුගන්න

සැඳෑ තරු නොදිලෙන්න
සරා සඳ නොනගින්න
වෙලී යුඟදුර සතර
අනු දිසා ගිල ගන්න
ගලා යන නදී දොල මිදී...
මිදී නැවතී ඉන්න

එපා හිරු පායන්න 
අදින් පසු මගේ ලොවට
අදයි අවසන් දවස ඇගෙන් මා...
මගෙන් ඈ සමුගන්න

පිය මඩුලු තුරු සිරස
එපා මල් පළදින්න...
වසන්තය නිමා විය
කොවුලනේ ගොළු වන්න
සොබා දම් නෑසියනි සැලී...
සැලී කම්පා වන්න..

එපා හිරු පායන්න 
අදින් පසු මගේ ලොවට
අදයි අවසන් දවස ඇගෙන් මා...
මගෙන් ඈ සමුගන්න

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment