Amma Nathi Mata Song Lyrics - අම්මා නැති මට ගීතයේ පද පෙළ

Amma Nathi Mata Song Lyrics - අම්මා නැති මට ගීතයේ පද පෙළ
Song Title : Amma Nathi Mata (අම්මා නැති මට)
ගායනය : වික්ටර් රත්නායක
සංගිතය : වික්ටර් රත්නායක
ගී පද : ලූෂන් බුලත්සිංහල


අම්මා නැති මට කිරි අම්මා වී
කළු‍වර ගෙදරට මිණි පහනක් වී
දැනගත් දා සිට පෙරුම් පිරු‍වේ
අක්කේ මං මතු සක්විති වෙයි සිතලා ලූ...

පිරුණු රටාවට පැදුරක් පිරී වැ‍ඩේ
ඊට ලිප ලග කඩයප්පන් ගොඩවේ
දෙකම්මුලින් වට මුතු වට්ටිය නුඹගේ
පදමට දී මට නැණනෙත් පෑදූවේ...

අම්මා නැති මට කිරි අම්මා වී
කළු‍වර ගෙදරට මිණි පහනක් වී
දැනගත් දා සිට පෙරුම් පිරු‍වේ
අක්කේ මං මතු සක්විති වෙයි සිතලා ලූ...//

මෝරා හද ගැබ පෙම්මල් නෑ පිපුනේ
ලීලා බද වට ගෝමර ලතැවෙන්නේ
බාල යොවුන් හද වැහැරී ගේ ඇතු‍ලේ
මා ලද ශිල්ප නූඹ හා එක මුල්ලේ...

අම්මා නැති මට කිරි අම්මා වී
කළු‍වර ගෙදරට මිණි පහනක් වී
දැනගත් දා සිට පෙරුම් පිරු‍වේ
අක්කේ මං මතු සක්විති වෙයි සිතලා ලූ...//

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment