කස්ටඩ් මිල්ක් හදමු (Custard Milk Hadamu)

කස්ටඩ් මිල්ක් හදමු (Custard Milk Hadamu) - Your Choice Way
මම අද හවස ☕ වෙලාවට බොන්න රසවත් බීම එකක් හැදුවා . කස්ටඩ් මිල්ක් ෂේක් . හරිම රසයි වගේම ලෙහෙසියි හදන්න . 

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  • කස්ටඩ් පවුඩර් මේස හැදි 2 1/4
  • ෆ්‍රෙශ් මිල්ක් 500ml
  • සීනි මේස හැදි 5
  • කස කසා ඇට මේස හැදි 2
  • චොක්ලට් ස්ප්‍රින්කල්ස් ටිකක්

✅ සාදා ගන්නා ආකාරය :

  1. පලමුව තරමක බෝල් එකකට කස්ටඩ් පවුඩර් මේස හැදි 2 1/4 දමා එයට ෆ්‍රෙශ් මිල්ක් වලින් ටිකක් එකතු කර හොඳින් දිය කරන්න . 
  2. භාජනයකට ඉතිරි කිරි දමා සීනි මේස හැදි 5 දමා දියකර  ලිප මත තබා රත් කරන්න . 
  3. යාන්තමට රත් වු විට කස්ටඩ් මිශ්‍රණය එකතු කර හොඳින් මිශ්‍ර කරන්න . උතුරුවා ගන්න . 
  4. නිවෙන්න තබන්න .නිවුනු පසු ශිත කරනයේ තබන්න . පැය 1 පමණ .
  5. පැයකට පසු ශිත කරනයෙන් එලියට ගෙන බ්ලෙන්ඩ් එකට දමා අයිස් කැට ටිකක් එකතු කර බ්ලෙන්ඩ් කරන්න. 
  6. කස කසා ඇට මේස හැදි 2 පෙනේරයකට දමා සෝදා උස වීදුරු 2ක් ගෙන පතුලට කස කසා ඇට ටිකක් දමා ඉතිරි කස කසා ඇට කස්ටඩ් මිශ්‍රණය ට එකතු කර මිශ්‍ර කරන්න .
  7. දැන් වීදුරු 2ක ට කස්ටඩ් මිශ්‍රණය දමා මිශ්‍ර කරන්න . 
  8. පසුව නැවත වීදුරු 2ක ශිත කරනයේ තබන්න . ව්නාඩ් 30 පමණ . 
  9. පසුව ශිත කරනයෙන් එලියට ගෙන උඩ සරසා ගන්න . මම චොක්ලට් ස්ප්‍රින්කල්ස් දැම්මා . 
හදලා බලන්න කෝ .Dhammika Panangala
කස්ටඩ් මිල්ක් හදමු (Custard Milk Hadamu) - Your Choice Way

කස්ටඩ් මිල්ක් හදමු (Custard Milk Hadamu) - Your Choice Way
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment