පොල් ලඩ්ඩු හදමු (Coconut Laddu Hadamu)

පොල් ලඩ්ඩු හදමු (Coconut Laddu Hadamu) - Your Choice Way
මම අද ඔයාලට අරගෙන ආවේ හරිම රස ඉල්ල ඉල්ල කන්න හිතෙන ලඩ්ඩු Recipe එකක්. අමුද්‍රව්‍ය 03කින් හරිම පහසුවෙන් අපිට මේක හදාගන්න පුලුවන්. අපි බලමු මේ ලඩ්ඩු Recipe එක හදන්න මොනවද අවශ්‍ය කියලා.

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  • 🥥 ගා ගත් පොල් (නැවුම් හෝ Dedicated) 2 Cup
  • 🥛 එළකිරි 1  1/2 Cup
  • 🧂 සීනී 3/4
  • 🥜 කජු (අවශ්‍ය නම් පමණක්) 

✅ සාදා ගන්නා ආකාරය :

  1. මුලින්ම පෑන් එකක් ලිප තබා පොල් සහ කිරි දමා ටික වෙලාවක් කලවම් කරන්න.
  2. ඉන්පසු සීනී එකතු කර අඩු ගින්දරේ සීනී දියවෙන කල් හොදින් කලවම් කරන්න.
  3. මිනිත්තු 20 කට පමණ පසු ලිප නිවා මිනිත්තු 10ක් පමණ නිවෙන්න තබා ගුලි සාදා ගන්න.
  4. දැන් සදාගත් ලඩ්ඩුවල පොල් තවරා පිලිගන්වන්න.
පොල් ලඩ්ඩු හදමු (Coconut Laddu Hadamu) - Your Choice Way
හදලා බලලා අපිටත් රස කියන්න.තවත් රස පදමට හදන Recipe අරගෙන මම ආයිත් එන්නම්.සියලු දෙනාට සුභ දවසක්..

රස පදම ශාලිකා විජේවර්ධන
අපේ රස පදම Page එක Like කරලා Share කරන්නත් අමතක කරන්න එපා.

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment