As Is Mas Le Obata Punannam Song Lyrics - ඇස් ඉස් මස් ලේ ඔබට පුදන්නම් ගීතයේ පද පෙළ

As Is Mas Le Obata Punannam Song Lyrics - ඇස් ඉස් මස් ලේ ඔබට පුදන්නම් ගීතයේ පද පෙළ
Song Title : As Is Mas Le Obata Punannam (ඇස් ඉස් මස් ලේ ඔබට පුදන්නම්)
ගායනය : සුනිල් එදිරිසිංහ
පද : මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව : ආචාර්ය වික්ටර් රත්නායක
මෙය සුනිල් එදිරිසිංහයන්, තම ප්‍රථම ගුවන් විදුලි සරල ගී වැඩසටහනට (1975) ගායනා කරන ලද්දකි.


ඇස් ඉස් මස් ලේ
ඔබට පුදන්නම්
මට වැඩි මෙහෙයක් මනු කැල වෙනුවෙන්
ඔබ හට කළ හැකි නම් ....//

මගේ ඇසින් මට වඩා දකින්නට
නැණ බල ඇතිනම් ඇස් දන් දෙන්නම්
මා හිස ගෙන ලොව ජය ලද හැකිනම්
දෑතින් ගලවා හිස දන් දෙන්නම්

ඇස් ඉස් මස් ලේ
ඔබට පුදන්නම්
මට වැඩි මෙහෙයක් මනු කැල වෙනුවෙන්
ඔබ හට කළ හැකි නම් ....//

මා ලද මේ ඇස් ඉස් මස් ලේ ගෙන
ජීවිත දහසක් සනාථ කළ මැන
මිහිමඬලේ මා සැතපෙන්නට පෙර
මිනිසත් භවයේ ඵල මට දුන මැන

ඇස් ඉස් මස් ලේ
ඔබට පුදන්නම්
මට වැඩි මෙහෙයක් මනු කැල වෙනුවෙන්
ඔබ හට කළ හැකි නම් ....//

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment