Api Wagema Awihinsaka Premawanthayo Song Lyrics - අපි වාගෙම අවිහිංසක ප්‍රේමවන්තයෝ ගීතයේ පද පෙළ

Api Wagema Awihinsaka Premawanthayo Song Lyrics - අපි වාගෙම අවිහිංසක ප්‍රේමවන්තයෝ ගීතයේ පද පෙළ

Api Wagema Awihinsaka Premawanthayo Song Lyrics - අපි වාගෙම අවිහිංසක ප්‍රේමවන්තයෝ ගීතයේ පද පෙළ
Song Title : Api Wagema Awihinsaka Premawanthayo (අපි වාගෙම අවිහිංසක ප්‍රේමවන්තයෝ)
ගායනය : නිරෝෂා විරාජිනී සහ සමන් ජයනාත්
පද රචනය : යසනාත් ධම්මික බණ්ඩාර
තනුව හා සංගීතය : කරුණාරත්න වි‍ජේවරධන


අපි වාගෙම අවිහිංසක ප්‍රේමවන්තයෝ
ගොළු මුහුද දෙස බලා මුමුණා
ලියූ ගීතිකා සුදු වැල්ලේ
මකා දැමීදෝ ගොඩ රැල්ලේ

බුර බුරා දැ‍වෙන හිරු රැස් යට
කළු කුඩේ හෙවන යට හිඳගෙන
ඉකි ගසා හඬන හිත මුමුණා
ලියු ගීතිකා සුදු වැල්ලේ
මකා දැමීදෝ ගොඩ රැල්ලේ

අපි වාගෙම අවිහිංසක ප්‍රේමවන්තයෝ
ගොළු මුහුද දෙස බලා මුමුණා
ලියූ ගීතිකා සුදු වැල්ලේ
මකා දැමීදෝ ගොඩ රැල්ලේ

හඹ හඹා ඇදෙන නෙත් සහසක
බැල්මෙනා සැඟව එක් සැ‍ණෙකට
‍හෙමි ‍හෙමින් දෙඩූ වැකි අමුණා
ලියූ ගීතිකා සුදු වැල්ලේ
මකා දැමීදෝ ගොඩ රැල්ලේ

අපි වාගෙම අවිහිංසක ප්‍රේමවන්තයෝ
ගොළු මුහුද දෙස බලා මුමුණා
ලියූ ගීතිකා සුදු වැල්ලේ
මකා දැමීදෝ ගොඩ රැල්ලේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment