දවසේ වැදගත්කම - ඔක්තෝම්බර් 24 එක්සත්‌ ජාතීන්ගේ දිනය (Significance Of The Day - October 24 United Nations Day)

දවසේ වැදගත්කම - ඔක්තෝම්බර් 24 එක්සත්‌ ජාතීන්ගේ දිනය (Significance Of The Day - October 24 United Nations Day) - Your Choice Way
අද ඔක්තෝම්බර් 24, එක්සත් ජාතීන්ගේ දිනය අදයි!

ලෝක සාමය පෙරදැරි කරගත් ලොව බලවත් ම සංවිධානය ලෙස සැලකෙන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 75 වන සංවත්සරය අදට යෙදී තිබේ.

අද දින එක්සත් ජාතීනගේ ජාතීන්ගේ දිනය ලෙස සැලකෙන්නේ 1945 වර්ෂයේ ඔක්තෝබර් 24 වන දා එක්සත් ජාතීන්ගේ සංවිධානය නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරිම සනිටුහන් කිරීම සඳහා ය.

ලෝක සාමය වෙනුවෙන් ක්‍රියා කරන ලොව එකම, විශාලතම සංවිධානය එක්සත් ජාතීන්ගේ සංවිධානයයි. එක්සත් ජාතීන්ගේ සාම සාධක පිරිවර 120,000ක් පමණ වේ. ඔවුන් මහාද්වීප හතරක් පුරා සාම ක්‍රියාදාමයෙහි යෙදී සිටිති. 

සාමය හැරුණුවිට, තවත් බොහෝ සහන සේවා, එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ලෝකයට සැලසේ. රටවල 75ක ජීවත් වන මිලියන 90ක් පමණ ජනයාගේ කුසගිනි නිවන්නේ මෙම ජගත් සංවිධානයයි. මිලියන 34ක් තරම් වූ සරණාගතයන් පිරිසකගේ ගැටලුවලට විදුසදුම් ඇත්තේ ද මෙම ජගත් සංවිධානයේ ම ය. 

ලෝක ජනගහනයෙන් 58%කට ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා දීමට හවුල් වීම, එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් කෙරෙන තවත් වැදගත් කාර්යයකි.
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment