දවසේ වැදගත්කම - ඔක්තෝම්බර් 24 ලෝක සංවර්ධන තොරතුරු දිනය (Significance Of The Day - October 24 World Development Information Day)

දවසේ වැදගත්කම - ඔක්තෝම්බර් 24 ලෝක සංවර්ධන තොරතුරු දිනය (Significance Of The Day - October 24 World Development Information Day) - Your Choice Way
සෑම වසරකම ඔක්තෝබර් 24 (අද) ලෝක සංවර්ධන තොරතුරු දිනය සමරනු ලබයි. 

සංවර්ධන ගැටලු හා ඒවා විසඳා ගැනීමට ජාත්‍යන්තර සහයෝගීතාව ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවට ලෝක මහජන මතය අවධාරණය කිරීමට 1972 දී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් ලෝක සංවර්ධන තොරතුරු දිනය ආරම්භ කරන ලදී.

එම සමුළුවේ දී, දෙවන එක්සත් ජාතීන්ගේ සංවර්ධන දශකය සඳහා වූ ජාත්‍යන්තර සංවර්ධන උපාය මාර්ග පිළිබඳ 1970 වසරේ පැවති සමුළුවේ දී ප්‍රකාශයට පත් කරන ලද එක්සත් ජාතීන්ගේ දිනය සැමරීමේ ප්‍රතිපත්තියට සමගාමීව ඔක්තෝබර් 24වෙනි දිනට ලෝක සංවර්ධන තොරතුරු දිනය සැමරීම සිදු කළ යුතු බවට සම්මත විය.

තරුණ ප්‍රජාව අතර තොරතුරු බෙදා හැරීම, මහජන මතය බලමුලු ගැන්වීම හා වැඩි දියුණු කිරීම, සංවර්ධනය සඳහා ජාත්‍යන්තර සහයෝගීතාව ක්ෂේත්‍රය තුළ ප්‍රවර්ධනය සහ සංවර්ධන ප්‍රශ්න පිළිබඳව ජනතාව දැනුවත් කිරීම මෙම දිනය ප්‍රකාශයට පත්කිරීමෙන් ගෝලීය කතිකාවතක් නිර්මාණය කර ඇත.

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment