අතුකැටිය (Xylopia Parviflora)

අතුකැටිය (Xylopia Parviflora) - Your Choice Way
මෙය අඩි 2-3 පමණ උස්ව වැඩෙන කඳක් සහිත ශාකයකි. කඳෙහි පොත්ත සිනිඳු ය. 

අණ්ඩාකාර පත්‍ර අඟල් 3-5 අතර දිගු ය. 

මල් තද කහ පාට ය. මල් වල බූවක් නැත. ඝන කොට නටුවකින් යුතු ඵලය අඟල් 1-1 1/4 දක්වා දිග ය. 

එහි දිගැටි ඇට කීපයක් තිබේ. මෙය ලංකාවට ආවේනික ශාකයකි. ලංකාවේ ද මෙය වැවෙන්නේ මීගමුව හා කළුතර වැනි පහතරට තෙත් ප්‍රදේශවලයි. මල් හට ගන්නේ සැප්තැමිබර් මාසයේ දී ය. 

මුල්, පොත්ත, මල් හාගෙඩි සුවඳවත් ය. ලීය අළු පාට ය. අතුකැටිය Annonaceae කුලයට අයත් ශාකයකි.

අතුකැටිය මුල් වෙනත් ඔසු සමඟ යොදා ඖෂධ තැනීමටත්, තනිකර ඖෂධයක් සේත් ගැනේ. මෙහි මුල් තිත්තය, කටුකය, ඌෂ්ණ ගුණ ඇත්තේ ය, විෂ නාශක ය, උදර ගත පණුවන් නසයි. 

සර්ප විෂ සහ පිස්සු බලු විෂ සඳහා කෙරෙන ප්‍රතිකාර වල දී අතුකැටිය අන්‍ය ඖෂධ ශාක හා බෙහෙවින් යොදනු ලැබේ.

මූලාශ්‍ර ශාක ලෝකය සහ ශ්‍රී ලංකාවේ ඖෂධීය ශාක කෘතිය සේයාරූ වෛද්‍ය ප්‍රදීප් සුරංග මහතාගෙන් සහ අන්තර්ජාලයෙන
අතුකැටිය (Xylopia Parviflora) - Your Choice Way
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment