Soba Alankare Mune Song Lyrics - සොබා අලංකාරේ මූණේ ගීතයේ පද පෙළ

Soba Alankare Mune Song Lyrics - සොබා අලංකාරේ මූණේ ගීතයේ පද පෙළ
Song Title : Soba Alankare Mune (සොබා අලංකාරේ මූණේ)
ගායනය : ජේ.ඒ. මිල්ටන් පෙරේරා
පද : කරුණාරත්න අබේසේකර
තනුව : ආර්. මුත්තුසාමි
1965 දී තිරගතවූ "අල්ලපුගෙදර" චිත්‍රපටියේ ගීයකි.(පද ඇමුණුම චිත්‍රපටියට ගැයුණු ආකාරයෙනි. එම මුල් ගීය සුරැකී නැත.)ඉදිරිපත් කර ඇති පසු ගැයුමේ පද, ඇතැම් තැන්හී වෙනස් කර ගයා ඇත.



සොබා අලංකාරේ මූණේ
තමන්ට දැක ගන්නට බෑ නේ
බලන්නෙ එහි ශ්‍රියාව කැඩපතට එබීලයි
වන වැල්ද දැවටෙන්න සරණේ සොයයි ...//

සුසීත ගංගා තලේ
නීල දිය රැල්ල වෙරළේ එලේ

සුසීත ගංගා තලේ
නීල දිය රැල්ල වෙරළේ එලේ
ඔරු පාරු තිබුණාට ඉන් නෑ ඵලේ
පැද යන්න හබලක්ද ඕනෑ ජලේ

ඔ හෝ හො හෝ

සොබා අලංකාරේ මූණේ
තමන්ට දැක ගන්නට බෑ නේ
බලන්නෙ එහි ශ්‍රියාව කැඩපතට එබීලයි
වන වැල්ද දැවටෙන්න සරණේ සොයයි

පැසීලා ඇති පාඩුවේ
මිහිරි රසදායී ඵල ජාති වේ

පැසීලා ඇති පාඩුවේ
මිහිරි රසදායී ඵල ජාති වේ
දුරදීම දැකලා දැනේදෝ කෙසේ
ගෙඩි කන්නෙ නැති දිවට නොදැනේ රසේ

ඔ හෝ හො හෝ

සොබා අලංකාරේ මූණේ
තමන්ට දැක ගන්නට බෑ නේ
බලන්නෙ එහි ශ්‍රියාව කැඩපතට එබීලයි
වන වැල්ද දැවටෙන්න සරණේ සොයයි ...//

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment