Sihina Nelum Mala Song Lyrics - සිහින නෙළුම් මල ගීතයේ පද පෙළ

Sihina Nelum Mala Song Lyrics - සිහින නෙළුම් මල ගීතයේ පද පෙළ
Song Title : Sihina Nelum Mala (සිහින නෙළුම් මල)
ගායනය : ඩබ්. ඩී. අමරදේව
සංගීතය : ඩබ්. ඩී. අමරදේව
ගී පද : ධර්මසිරි ගමගේ


සිහින නෙළුම් මල ජීවිත පොකුණේ
දෑස අබියස පිපී සැලේ
දෑස අබියස පිපී සැලේ
සිහින නෙළුම් මල ජීවිත පොකුණේ

තුන් යම ගත වූ ජීවිතයේ
අරුණළු නැගෙනා පභාතයේ //
අහස ඉසව්වෙන් ඔබ මා දුටුවේ
රිදී පහන් තරුවක් වාගේ
රිදී පහන් තරුවක් වාගේ

දෑස වසාගෙන මැදියම් යාමේ
යහනත වැතිරී නිදන වෙලේ //
කවියක් ලෙස ඔබ හදවත ගුලි වී
මා හද පිරිමැද අවදිකලා

මැදියම අවදි ව හැබැහින් දුටුවෙමි
පෙරයම නින්දේ දුටු සීනේ
එහෙත් සිහිනයක් වේ දෝ එය යළි
ජීවිතයේ අන්තිම යාමේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment