Mala Ira Basina Song Lyrics - මළ ඉර බසිනා ගීතයේ පද පෙළ

Mala Ira Basina Song Lyrics - මළ ඉර බසිනා ගීතයේ පද පෙළ
Song Title : Mala Ira Basina (මළ ඉර බසිනා)
ගායනය : ඩබ්ලිව් ඩී අමරදේව
සංගීතය : ඩබ්ලිව් ඩී අමරදේව
පද රචනය : මහගම සේකර


මළ ඉර බසිනා සැන්දෑ යාමේ
ඔබගෙන් සමුගන්නම්
අඳුරට ඉඩ දී අඳුරේ සැඟවී
අඳුරට ඉඩ දී අඳුරේ සැඟවී
ඔබගෙන් වෙන්වී මම යන්නම්

නිදි නැති යහනේ රෑ යාමේ
කාන්සියේ ඔබ හිඳිනා වේලේ //
සුළඟේ දැවටී ඔබට හොරෙන්
සුළඟේ දැවටී ඔබට හොරෙන්
මම ඔබ වෙත එන්නම්
සියුමැළි දෑතින් ඔබ හිස අතගා
ඔබ නිදි කරවා මම යන්නම්

අළුයම පිබිදෙන ඔබගේ දෑසේ
මල් පෙති අග පිණි කඳුළක් රඳවා //
සුසුමක් වාගේ ඉන් පිටවී
සුසුමක් වාගේ ඉන් පිටවී
ඔබගෙන් වෙන් වෙන්නම්
අඳුරට ඉඩ දී අඳුරේ සැඟවී
අඳුරට ඉඩ දී අඳුරේ සැඟවී
ඔබගෙන් වෙන්වී මම යන්නම්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment