රුලං ක්‍රිස්පි බෝල හදමු (Semolina Crispy Ball Hadamu)

රුලං ක්‍රිස්පි බෝල හදමු (Semolina Crispy Ball Hadamu) - Your Choice Way
මම අද ඔයාලට අරගෙන ආවේ රසට ගුණට ඉක්මනින්ම හදාගන්න පුලුවන් Tea Time එකට හොදට ගැළපෙන Sank Recipe එකක්. මේක හදන්න හරිම ලේසි වගේම අඩු අමුද්‍රව්‍ය ප්‍රමාණයකින් හදාගන්නත් පුලුවන්. එ වගේම ඔයාලට සැරට, චීස් රසට මේ රුලං ක්‍රිස්පි බෝල හදාගන්න පුලුවන්. ළූණු ,කරපිංචා ආදි ඔයාලා කැමති දේවල් එකතු කරගෙන හදලා බලන්න. එළවළු වුනත් එකතු කරලා බලන්න විවිධ රසට හදාගන්න.දැන් බලමු රුලං ක්‍රිස්පි බෝල හදන්න අවශ්‍ය මොනවද කියලා.

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  • 🟠 රුලං 1 Cup
  • 🟠 වතුර 1 Cup
  • 🟠 ලුණු ස්වල්පයක්
  • 🟠 මිරිස් කුඩු රස අනුව
  • 🟠 චීස් ස්වල්පයක් (අවශ්‍යනම් පමණක්)

✅ සාදා ගන්නා ආකාරය :

  1. මුලින්ම භාජනයක් ගෙන ලිප තබා රුලං, වතුර, ලුණු, චීස් සියල්ල එකතු කර තලපයක් ආකාරයට හැදෙනකල් කලවම් කරන්න. ඉක්මනට මේක හැදෙනවා. 
  2. තලපයක් ආකාරයට සැකසුණු පසු නිවෙන්න ටික වේලාවක් තබා පොඩි බෝල හදාගන්න.
  3. ඉන්පසු එම හදාගත් රුලං බෝල Pan එකකට තෙල් ටිකක් දමා එහා මෙහා පෙරල පෙරල බැදගන්න. කැමතිනම් ගැඔුරු තෙලේ වුනත් බැදගන්න පුළුවන්.
  4. ඉන් පසු මිරිස් කුඩු සහ ලුණු කුඩු ස්වල්පයක් බැදගත් රුලං බෝලවල තවරාගන්න.

රුලං ක්‍රිස්පි බෝල හදමු (Semolina Crispy Ball Hadamu) - Your Choice Way

මේ රුලං ක්‍රිස්පි බෝල  එක හදලා බලලා අපිටත් රස කියන්න. තවත් රස පදමට හදන Recipe අරගෙන මම ආයිත් එන්නම්.සියලු දෙනාට සුභ දවසක්...

රස පදම...ශාලිකා විජේවර්ධන
අපේ රස පදම Page එක Like කරලා Share කරන්නත් අමතක කරන්න එපා.

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment