Re Dolos Peye Song Lyrics - රෑ දොළොස් පැයේ ගීතයේ පද පෙළ

Re Dolos Peye Song Lyrics - රෑ දොළොස් පැයේ ගීතයේ පද පෙළ
Song Title : Re Dolos Peye (රෑ දොළොස් පැයේ)
ගායනය : නිරෝෂා විරාජිනී
පද : අචාර්ය අජන්තා රණසිංහ
තනුව : ඇන්තනී සුරේන්ද්‍ර


රෑ දොළොස් පැයේ ඉඳි කඩුළු ඇරන්
(රෑ දොළොස් පැයේ ඉඳි කඩුළු ඇරන්)
කර ඔසවා බලා උන්නා
(කර ඔසවා බලා උන්නා)
හබ කර ගිය ආලවන්ත මගෙම මිහිරා වනයෙන් දැන් එතැයි කියා

දාර පිඹුරු වග වලසුන් ලගින වනේ
දෝස විපත්  සිදු නොවියන් නුඹට අනේ
දෙකනට දෙමික්කං නැතුවට කම් නැතුවා
කරවට පදක්කං නැතුවට හිත ඇතුවා
පෙම්බර කුමාරයෝ

රෑ දොළොස් පැයේ
ඉඳි කඩුළු ඇරන්

කාසි පඬුරු කතරගමට ගැට ගහලා
බාර වුනා රූපෙට රූපේ පුදලා
බෝවා කඳුළු ඉනුවා ඇස කකියා
දෙයියෝ නොයන් පපුවට ගිනි අවුලා
පෙම්බර කුමාරයෝ

රෑ දොළොස් පැයේ ඉඳි කඩුළු ඇරන්
(රෑ දොළොස් පැයේ ඉඳි කඩුළු ඇරන්)
කර ඔසවා බලා උන්නා
(කර ඔසවා බලා උන්නා)

හබ කර ගිය ආලවන්ත මගෙම මිහිරා වනයෙන් දැන් එතැයි කියා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment