Ran Gira Ma Song Lyrics - රන් ගිර මා ගීතයේ පද පෙළ

Ran Gira Ma Song Lyrics - රන් ගිර මා ගීතයේ පද පෙළ
Song Title : Ran Gira Ma (රන් ගිර මා)
ගායනය : නිරෝෂා විරාජිනී
සංගීතය : මහින්ද බණ්ඩාර
ගී පද : බන්ධුල නානායක්කාරවසම්


රන් ගිර මා
ඔබ එගිර සිඹින හිරුට සමානා
පන්හිඳ මා
ඔබ එයින් ගෙතන ගීය සමානා //

රන් ගිර හිස හිරු හිනැහෙද
එළියෙන් මුළු ලොව දිදුළද
නමුදු හිරුට ළං වන්නට
වරම් නොමැතියේ
ඉරෙන් ලොවක් එළිවනු දැක
ම සිත බැබලියේ

රන් ගිර මා
ඔබ එගිර සිඹින හිරුට සමානා
පන්හිඳ මා
ඔබ එයින් ගෙතන ගීය සමානා

පන්හිඳ ගෙතු ගී ගැයුවෙද
මිහිරෙන් තුන් හිත නැහැවෙද
නමුදු ගීය දුන් මිහිරට
රුවන් නොමැතියේ
එයින් ලොවක් සැනසෙනු දැක
ම සිත නැලවියේ

රන් ගිර මා
ඔබ එගිර සිඹින හිරුට සමානා
පන්හිඳ මා
ඔබ එයින් ගෙතන ගීය සමානා ///

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment