Pawe Wala Song Lyrics - පාවේ වලා ගීතයේ පද පෙළ

Pawe Wala Song Lyrics - පාවේ වලා ගීතයේ පද පෙළ
Song Title : Pawe Wala (පාවේ වලා)
ගායනය : වික්ටර් රත්නායක
සංගීතය : මර්වින් පෙරේරා
ගී පද : මීගොඩ විල්සන්


පාවේ වලා
ඈත කඳු බලා
පෑ ආදරේ අමා
මා හද මවා
මා හද මවා//

කඳුලැල්ලෙන් හසරැල්ලෙන්
සිහින මැවෙනවා
ජීවිතයේ මිහිරි සුවේ
මහද නැගෙනවා
ආලෝකෙ විහිදා සංකා නැසේ
සුසුම් රැල් මැකේ
නුවන් දිය සිඳේ
පහන් පෙම දිලේ

පාවේ වලා
ඈත කඳු බලා
පෑ ආදරේ අමා
මා හද මවා
මා හද මවා

හාදව පෙම් බැන්ද රුවින්
පාළුව මැකුනා
ආදර ලොව අන්ධ නොවේ
දෙහදක නැගෙනා
දෑසේ මැවේ ආදරේ මල් හිනා
තුටින් පිරි ලොවේ
සහන් එලි නැගේ
පහන් පෙම දිලේ

පාවේ වලා
ඈත කඳු බලා
පෑ ආදරේ අමා
මා හද මවා
මා හද මවා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment