Pahasuwatath Wasiyatath Song Lyrics - පහසුවටත් වාසියටත් ගීතයේ පද පෙළ

Pahasuwatath Wasiyatath Song Lyrics - පහසුවටත් වාසියටත් ගීතයේ පද පෙළ
Song Title : Pahasuwatath Wasiyatath (පහසුවටත් වාසියටත්)
ගායනය : සුනිල් පෙරේරා, ජිප්සීස්


පහසුවටත් වාසියටත්
දැන දැන වැරදි කරනවා
එහෙම කලත් නිදහසටත්
කියන්න කරුණු තියෙනවා
නැතිනං හදල කියනවා
නැතිනං හදල කියනවා

ගමරාළාගෙ එළ හරකෙක්
‍හොරකම් කල හරක් හොරෙක්
දුටු ගමයා කෑ ගැසුවා
'ඈ... කවුද කවුද කවුද මිනිහෝ
මගෙ හරක අරං යන්නෙ?'
'ඔහේගෙනං ඔහේ ගන්න
හොඳ නෑ නොවැ දොස් කියන්න'
'අනෙ මගෙ කට'
'හරකෙක් කොහෙද මා ළඟ
කඹයනෙ අල්ලං ඉන්නේ'

පහසුවටත් වාසියටත්
දැන දැන වැරදි කරනවා
එහෙම කලත් නිදහසටත්
කියන්න කරුණු තියෙනවා
නැතිනං හදල කියනවා
නැතිනං හදල කියනවා

කිතුලක රා බොන්න හිතී
මිනිහෙක් කිතුලකට නැගී
අයිතිකරුට අසුවූවා
'ඕයි... කවුද ඩෝ ගස් බඩගාන්නෙ
පාන්දර ජාමෙ'
'තණකොල ඩිංගක් කපන්න
හිතුණා ගහ උඩට යන්න'
'තණකොල? ගහ මුදුණෙ?'
'ඒක තමයි...
තණකොල නෑ ගහ මුදුණේ
අනේ ඒකයි බිමට බහින්නේ'

පහසුවටත් වාසියටත් දැන
දැන වැරදි කරනවා
එහෙම කලත් නිදහසටත්
කියන්න කරුණු තියෙනවා
නැතිනං හදල කියනවා
නැතිනං හදල කියනවා

මරණව මම තඩි බළලා
වෙරි වූ මීයෙක් කියලා
බළලාහට මෙය ඇහිලා
'ඈ... මාව මරන්න තෝ?'
'කාපු බීපු වේලාවට
පුංචි විහිළුවක් කෙරුවට'
'විහිළු? හොඳ විහිළු'
'රාළහාමිලා වගේ අය
ගණන්ගන්නෙ ඇයිද සුළු දෙය'

පහසුවටත් වාසියටත්
දැන දැන වැරදි කරනවා
එහෙම කලත් නිදහසටත්
කියන්න කරුණු තියෙනවා
නැතිනං හදල කියනවා
නැතිනං හදල කියනවා

නැතිනං මවල කියනවා //
නැතිනං පැනල දුවනවා //
සමහරු ගහල දුවනවා //
නැතිනං හදල කියනවා //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment