මුං ඇට පායාසම් හදමු 🍵🍵🍵 (Moong Dhal Payasam Hadamu)

මුං ඇට පායාසම් හදමු 🍵🍵🍵 (Moong Dhal Payasam Hadamu) - Your Choice Way
හරිම රස හරිම ගුණ පායාසම් එකක් අරගෙන මම අද ඔයාලව බලන්න ආවේ. මුං ඇට මේ දවස්වල ගණන් නිසා මුං ඇට පොඩි ප්‍රමාණයකින් මෙය සදා ගන්න පුඑවන්. ඉතින් අද අපි හදමු රසම රස මුං ඇට පායාසම් එකක්.

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  • 🍵 මුං ඇට ½ Cup
  • 🍵 සීනී හෝ හකුරු රස අනුව
  • 🍵 ලුණු ස්වල්පයක්
  • 🍵 පොල් කිරි ½ Cup
  • 🍵 කජු හා මුද්දරප්පලම් (අවශ්‍ය නම් පමණක්)

✅ සාදා ගන්නා ආකාරය :

  1. මුලින්ම පෙගෙන්න තිබු මුං ඇට හොදින් තම්බා ගන්න.
  2. තම්බා ගත් මුං ඇට හොදින් ග්‍රයින්ඩ් කරගන්න.
  3. ඉන්පසු භාජනයක් ගෙන මුං ඇට තලපය සීනී ලුණු වතුර ටිකක් හෝ දිය කිරි ටිකක් දමා සීනී දියවෙන තෙක් හොදින් කලවම් කරගන්න.
  4. දැන් උකු පොල් කිරි දමා මිනිත්තු කිහිපයක් නටන තුරු කලවම් කරගෙන ලිපෙන් බා ගන්න.
  5. ඉන්පසු අවශ්‍ය නම් පමණක් තෙල්  1 tbsp (මේස හැදි එකක්) පමණ රත් කර එයට කජු හා මුද්දරප්පලම් දමා රන්වන් පාට වන තෙක් බැදගෙන සාදාගත් පායාසම් එකට එකතු කරගන්න.

මුං ඇට පායාසම් හදමු 🍵🍵🍵 (Moong Dhal Payasam Hadamu) - Your Choice Way
මේ මුං ඇට පායාසම් එක හදලා බලලා අපිටත් රස කියන්න.තවත් රස පදමට හදන Recipe අරගෙන මම ආයිත් එන්නම්.සියලු දෙනාට සුභ දවසක්...

රස පදම ශාලිකා විජේවර්ධන
අපේ රස පදම Page එක Like කරලා Share කරන්නත් අමතක කරන්න එපා.

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment