Me Mulu Ahasama Mata Madi Song Lyrics - මේ මුළු අහසම මට මදි ගීතයේ පද පෙළ


Song Title : Me Mulu Ahasama Mata Madi (මේ මුළු අහසම මට මදි)
ගායනය : ආචාර්ය වික්ටර් රත්නායක සහ ශ්‍රීමති තිලකරත්න
පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව හා සංගීතය : ආචාර්ය වික්ටර් රත්නායක


මේ මුළු අහසම මට මදි ඔබ ගැන
මෙතුවක් නොලියූ ගීය ලියන්නට
පුංචි තාරකාවක් දැල්වෙන තැන
ඇත ඉඩ ඔබ ගැන ගීය ලියන්නට ....//

සප්ත සමුදුරෙහි නිල් සායම් ඇත
එක පැහැයක් මදි ඔබ රුව අඳිනට
ඇසින් වැටෙන එක කඳුළු බිඳක් ඇති
මට ඔබෙ පිළිරුව සිතුවම් කරනට

මේ මුළු අහසම මට මදි ඔබ ගැන
මෙතුවක් නොලියූ ගීය ලියන්නට

පුංචි තාරකාවක් දැල්වෙන තැන
ඇත ඉඩ ඔබ ගැන ගීය ලියන්නට

සිත් දහසක් මදි ඔබ ගැන සිතුමට
එපමණ ගැඹුරක් ආදරයෙහි ඇත
එක සිතකින් ඒ ගැන සිතියැකි මට
ආදරයට සිත් දහසක් ලොව නැත

මේ මුළු අහසම මට මදි ඔබ ගැන
මෙතුවක් නොලියූ ගීය ලියන්නට
පුංචි තාරකාවක් දැල්වෙන තැන
ඇත ඉඩ ඔබ ගැන ගීය ලියන්නට ....//

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment