Lapati Rupe Age Song Lyrics - ළපටි රූපෙ ඈගේ ගීතයේ පද පෙළ

සිංදු පොත,Sindupotha17,Eddy Jayamanna,එඩී ජයමාන්න මහත්මා
Song Title : Lapati Rupe Age (ළපටි රූපෙ ඈගේ)
ගායනය : එඩී ජයමාන්න
ගී පද : කේ. හියුගෝ ප්‍රනාන්දු
සංගීතය : ආර්. නාරායන් අයියර්
චිත්‍රපටිය : කඩවුණු පොරොන්දුව


ජොසී, ඔය පාරෙ කාර් බස් එනව තේරුණ‍ාද? පාරෙ මැද්දට වෙලා පලයන් ජොසී. මෙයා නම් කවදාවත් මේ ලෝකෙ කෙනෙක් වෙන්න බෑ. සුර ලොවෙන් ආපු හොල්මනක් මගෙ අම්මා

ළපටි රූපෙ ඈගේ
ළපටි රූපෙ ඈගේ දැක ගැහෙති මාව වේගේ
ඒ රම්‍යා ජොසී ශ්‍රියා කතේ
ඒ රම්‍යා ජොසී ශ්‍රියා කතේ ඈ සේම අන් ලියන් ලොවේ නැතේ…//
ළපටි රූපෙ ඈගේ

මෙතනට විත් පැන්නා මා නිකම්ම ගල් ගැහුණා
සැරවී මට රැව්වා නුමුත් එක්ක යන්ඩ හිතුණා
මට වඩා ගන්න හිතුණා
මටම ඔබින රූපේ
මට බැන්නා මම රැව්වා
මාගේ තරමට උස හොඳා
මටම ඔබින රූපේ
මාගේ තරමට උස හොඳා

ආදරේ මගෙ කෑදරේ…//
උඩ පැන පැන මාව දාලා පැනල දිව්වා වේගේ…//
ළපටි රූපෙ ඈගේ
පැනල දිව්වා වේගේ
ළපටි රූපෙ ඈගේ දැක ගැහෙති මාව වේගේ
ඒ රම්‍යා ජොසී ශ්‍රියා කතේ
ඒ රම්‍යා ජොසී ශ්‍රියා කතේ ඈ සේම අන් ලියන් ලොවේ නැතේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment