Issara Senehasa Song Lyrics - ඉස්සර සෙනෙහස ගීතයේ පද පෙළ

Issara Senehasa Song Lyrics - ඉස්සර සෙනෙහස ගීතයේ පද පෙළ
Song Title : Issara Senehasa (ඉස්සර සෙනෙහස)
ගායනය : නාමල් උඩුගම
සංගීතය : ජයසිරි අමරසේකර
ගී පද : ලලිත් වසන්ත


ඉස්සර සෙනෙහස තිස්සෙම හදතුල
මැවි මැවි රිද්දනවා
ඇස් දෙක වස්සන කඳුළැලි දුටුවම
ඔබ මට හිනැහෙනවා //

සුවඳක් දැනුණත් තවමත් ආසයි
පණ මෙන් පිදු හින්දා
මගේ අහිංසක හිත තැලුවත් නෑ
තරහක් මට දැනිලා

ඉස්සර සෙනෙහස තිස්සෙම හදතුල
මැවි මැවි රිද්දනවා
ඇස් දෙක වස්සන කඳුළැලි දුටුවම
ඔබ මට හිනැහෙනවා

දම් පැහැ ගවුමයි රතුමල් කුඩයයි
තාමත් තියෙනවද
එපා වුණත් මා එපා දවන්නට
ඒ ආදර තිළිණ

ඉස්සර සෙනෙහස තිස්සෙම හදතුල
මැවි මැවි රිද්දනවා
ඇස් දෙක වස්සන කඳුළැලි දුටුවම
ඔබ මට හිනැහෙනවා //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment