බිත්තර රහිත ඔම්ලට් හදමු 🍳🍳🍳(Eggless Omelette Hadamu)

බිත්තර රහිත ඔම්ලට් හදමු 🍳🍳🍳(Eggless Omelette Hadamu) - Your Choice Way
අපි අද පෝෂණිය, බිත්තර Omelette රසටම බිත්තර නැතිව Omelette එකක් හදමු. අපි බලමු මේ Eggless Omelette හදාගන්න මොනවද අවශ්‍ය කියලා.

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  • 🍳 කඩල පිටි  ½ cup
  • 🍳 පාන් පිටි 2 tbsp
  • 🍳 වතුර
  • 🍳 බේකින් පවුඩර් ½ tsp
  • 🍳 ලුණු ½ tsp
  • 🍳 රටළූණු පොඩි ගෙඩියක් (චොප් කර ගත්)
  • 🍳 කරපිංචා (සිහින්ව ලියා ගත්)
  • 🍳 අමු මිරිස් (රස අනුව)
  • 🍳 ගම්මිරිස් (රස අනුව)
  • 🍳 කෑලි මිරිස් (රස අනුව)

✅ සාදා ගන්නා ආකාරය :

  1. මුලින්ම කඩල පිටි, පාන් පිටි, වතුර, පිළිවෙලින් එක්කර විනාඩි 2ක් පමණ හොදින් කලවම් කරන්න. (කොකිස් පදමට ගන්න)
  2. දැන් එම මීශ්‍රනයට ලුණු, බේකින් පවුඩර් දමා හොදින් කලවම් කරන්න.
  3. ඉන්පසු රටළූණු, කරපිංචා, අමු මිරිස්, ගම්මිරිස්, කෑලි මිරිස් එම මිශ්‍රනයටම දමා නැවත විනාඩි 2ක් පමණ හොදින් කලවම් කරන්න. 
  4. දැන් පෑන් එකකට බටර් ටිකක් දමා රත් වු පසු මීශ්‍රනයෙන් අවශ්‍ය පමණ දමා දෙපැත්ත බැදගන්න. ( 🍳 සාමාන්‍ය Omelette බැඳ ගන්නා ආකාරයට)
බිත්තර රහිත ඔම්ලට් හදමු 🍳🍳🍳(Eggless Omelette Hadamu) - Your Choice Way

මේ Eggless Omelette හදලා බලලා අපිටත් රස කියන්න.තවත් රස පදමට හදන Recipe අරගෙන මම ආයිත් එන්නම්.සියලු දෙනාට සුභ දවසක්...

රස පදම ශාලිකා විජේවර්ධන
අපේ රස පදම Page එක Like කරලා Share කරන්නත් අමතක කරන්න එපා.

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment