අලිගැටපේර මිල්ක් ශේක් හදමු 🥑🥑🥑 (Avocado Milk Shake Hadamu)

අලිගැටපේර මිල්ක් ශේක් හදමු 🥑🥑🥑 (Avocado Milk Shake Hadamu) - Your Choice Way
හදන්න හරිම අමාරුයි කියලා හිතන් ඉන්න ලොකු මුදලක් වියදම් කරගෙන කඩේන් ගන්න Milk Shake එක හරිම රසයිනේ. ඒ රසටම අපි  අඩු වියදමින් පිරිසිදුවට Milk Shake ගෙදරදීම හදමු. හරිම ඉක්මනට මේක හදගන්නත් පුළුවන්.අපි බලමු මේ Avocado Milk Shake හදන්න මොනවද අවශ්‍ය කියලා.

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  • 🥑 අලිගැටපේර ගෙඩි භාගයක්
  • 🥑 කිරි ½ Cup
  • 🥑 Vanilla Ice Cream හැදි 3ක්
  • 🥑 සීනී (අවශ්‍ය නම් පමණක්)

✅ සාදා ගන්නා ආකාරය :

  1. මුලින්ම අලිගැටපේර, කිරි, Vanilla Ice Cream, සීනී (අවශ්‍ය නම් පමණක්) සියල්ල Blender Cup එකට දමා හොදින් Blender කරන්න.
  2. අපිට අලිගැටපේර නොදා Vanilla Ice Cream, කිරි පමණක් දමා Vanilla Milk Shake ද, Chocolate Ice Cream හා කිරි දමා  Chocolate Milk Shake ද, ස්ට්‍රෝෙබරි Ice Cream හා කිරි දමා ස්ට්‍රෝෙබරි Milk Shake ද හදා ගන්න පුළුවන්.
  3. දැන් වීදුරුවකට සදාගත් Milk Shake දමා උඩින් Vanilla Ice Cream දමා පිළිගන්වන්න.

අලිගැටපේර මිල්ක් ශේක් හදමු 🥑🥑🥑 (Avocado Milk Shake Hadamu) - Your Choice Way

මේ Avocado Milk Shake හදලා බලලා අපිටත් රස කියන්න.තවත් රස පදමට හදන Recipe අරගෙන මම ආයිත් එන්නම්.

රස පදම ශාලිකා විජේවර්ධන
අපේ රස පදම Page එක Like කරලා Share කරන්නත් අමතක කරන්න එපා.
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment