Yakkula Rawana Song Lyrics - යක්කුල රාවණා ගීතයේ පද පෙළ

Yakkula Rawana Song Lyrics - යක්කුල රාවණා ගීතයේ පද පෙළ
Song Title : Yakkula Rawana (යක්කුල රාවණා)
New Singing : Sahangi Hansanjali ft. Dinesh Tharanga
New Music : Dinesh Tharanga, MAD!
Lyrics : Nadis Nimesha
Original Artist : Saranga Kulathunga
Original Melody & Music : Saranga Kulathunga
Mixed & Mastered : MAD!


ඕම් නමඃ රාවණ
සූර්‍ය යක්කුල රාවණ
විපුල තෙද බල
පතල ලෝසිරි
තුපුල් මැඩලන ජීවනා

සකල කුල නර
පතිදු නාමය
දෙසින් මුමුණන
රාවණා
නිමල ලක් පුර
සිව්හෙලේ
රැව් දෙනා සෙත් ගායනා

නැගුනු රුකු බල
දවා අලු කර
සූර්‍ය යක්කුල රාවණ
සූර්‍ය යක්කුල රාවණ

දාසස් පුදන
පීලකුගෙන
සොහොන් වලින්
වඩිනු මැනේ
සූර්‍ර්‍ය වංශ ජාතක හෙල
රාවණ රජු පුදනු මැනේ

අග්නිපූප ගිනිජාලා
සකලදාස වඩිනුමැනේ
යක්ෂ අසුර නාරාක්ශ
සිව්හෙලයම රකිනු මැනේ
සිව්හෙලයම රකිනු මැනේ

රාවණා යක්කුල රාවණා
රාවණා යක්කුල රාවණා

සීගිරි ගල දේබැකරන්
ගල් අසුනට වඩිනු මැනේ
කුන්ඩලිහිනි ශක්ති හතෙන්
ලොව විස්කම් පානු මැනේ

දරනීතල යුග දුරහැර සිංහනාද
කරනු මැනේ
ඕම් නමඃ රාවණ රජු
සතර දෙසින් පුදනු මැනේ
සතර දෙසින් පුදනු මැනේ

රාවණා යක්කුල රාවණා
රාවණා යක්කුල රාවණා


👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment