Wiyo Gee Gayena Song Lyrics - වියෝ ගී ගැයෙනා ගීතයේ පද පෙළ

Wiyo Gee Gayena Song Lyrics - වියෝ ගී ගැයෙනා ගීතයේ පද පෙළ
Song Title : Wiyo Gee Gayena (වියෝ ගී ගැයෙනා)
ගායනය : නීලා වික්‍රමසිංහ
සංගීතය : නිමල් මෙන්ඩිස්
ගී පද : සුනිල් ආරියරත්න


වියෝ ගී ගැයෙනා හදේ
ආදර මල් නොමියේ
සදා මේ සංසාරේ
අපේ හමුවීම නොවේ //

අතීතයේ මායා
රූ කැඩී බිඳී යාවී
අනාත වූ මා දෑසේ
කතා නිමා වේවී
මගේ කදුළු හංගා
මා සිනා සිසී ඉන්නේ
ඔබේ ලොවේ හිරු පායා
සදා සිනාසේවා

වියෝ ගී ගැයෙනා හදේ
ආදර මල් නොමියේ
සදා මේ සංසාරේ
අපේ හමුවීම නොවේ //

අනාගතේ සිහිනේ
නෑ මෙදා සැබෑ වන්නේ
මිලාන වූ ආකාසේ
අපේ පැතුම් පාවේ
මගේ පැලේ තනි වී
මා සුසුම් හෙලන වේලේ
ඔබේ ලොවේ හිරු පායා
සදා සිනාසේවා

වියෝ ගී ගැයෙනා හදේ
ආදර මල් නොමියේ
සදා මේ සංසාරේ
අපේ හමුවීම නොවේ //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment