Unmaada Roomathi Song Lyrics - උන්මාද රූමතී ගීතයේ පද පෙළ

Unmaada Roomathi Song Lyrics - උන්මාද රූමතී ගීතයේ පද පෙළ
Song Title : Unmaada Roomathi (උන්මාද රූමතී)
Singing : Sandeep Jayalath Ft Pasan Liyanage
Music by : Pasan Liyanage 
Lyrics : Tharinda Kasun Jayawardane 
Guitars : Primal Liyanage
Recorded by Lakmina and Rihan @ Redfox
Mixed @ Redfox
Mastered by Erwin (Netherlands)
Video by Zero Gravity Creatives 


ගමන මන ලෝලී
නුඹද සුර නාරී
අනඟ දුනු හී දෙන්නා

බඹර සර නෑසූ
තඹර මල මේ දෝ
කුමර සිත පීදෙන්නා

සඳසේ කැල්මැති – දිලිසේ තොල්පෙති
දැහැනේ බින්ද පා සළඹ මිදුනේ කොහේ
ළමැදේ නිම්නෙහී – සැතපේ නෙත් රැඳී
රහසේ එන්න රෑ තරු ද නින්දේ හිඳී

උන්මාද රූමතී – ශෘන්ගාර බෝමැති
සංසාර දිගු දුර්ගේ – තව ගව්වක් තනන්නි

උන්මාද රූමතී – ශෘන්ගාර බෝමැති
සංසාර දිගු දුර්ගේ – තව ගව්වක් තනන්නි

දිගටි අතැඟිල්ලේ
සිලිටි සියුමැල්ලේ
නියද පැහැ නා දල්ලේ

නිතඹ නැළවිල්ලේ
හිතම කැළඹිල්ලේ
සුරඹ නුඹ සැනසිල්ලේ

සළුවේ මල් පිපී – සුවඳේ නිම් නැති
ශ්වේත සයුරේ ද දෝවන්නෙ ඔය පා පොඩි

සුළඟේ සිල් බිඳී – වරලේ රැල් සිඹී
හංස රැඟුමේ සියුම් තාල විඳිනා වෙලී

සිත්තරී සේද හීනේ අාදරේ පාටදෝ ගෑවුනේ
මත් කෙරූ රූප නාරී මේ සුවේ නෑ රැඳී මීවිතේ

උන්මාද රූමතී – ශෘන්ගාර බෝමැති
සංසාර දිගු දුර්ගේ – තව ගව්වක් තනන්නි

උන්මාද රූමතී – ශෘන්ගාර බෝමැති
සංසාර දිගු දුර්ගේ – තව ගව්වක් තනන්නි

උන්මාද රූමතී – ශෘන්ගාර බෝමැති
සංසාර දිගු දුර්ගේ – තව ගව්වක් තනන්නි

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment