Sundariye Ran Rasu Dal Song Lyrics - සුන්දරියේ රන් රසු දැල් ගීතයේ පද පෙළ

Sundariye Ran Rasu Dal Song Lyrics - සුන්දරියේ රන් රසු දැල් ගීතයේ පද පෙළ
Song Title : Sundariye Ran Rasu Dal (සුන්දරියේ රන් රසු දැල්)
ගායනය : චන්දන ලියනාරච්චි
සංගීතය : නිහාල් ගම්හේවා
ගී පද : නිහාල් ගම්හේවා


සුන්දරියේ රන් රසු දැල් රාව නැගේවි
රන් මිණි මෙවුලේ කිංකිණි අඩ නින්ද බිඳේවි
රන් දෙවොලේ දේවදාසි බැල්ම හෙලාවි
පූජාසනයේ පුදන්න රැඟුම් රූබර දේවි
සුන්දරියේ රන් රසු දැල් රාව නැගේවි

මා රන්කඳ ඔබ රූ විඳින්න ලෝල නොවේදෝ
වස්දණ්ඩ නන්දනීය නොවේදෝ //
ගන්ධාර කුළේ මෝහිනි රණ හංස තටාගේ
පීනන්න එන්නදෝ සඳපානේ

සුන්දරියේ රන් රසු දැල් රාව නැගේවි

සී සීකඩ යයි දුල්වසන් මෙවුල් ඉණ රැන්දූ
සංයෝග හා වියෝගය කැන්දූ //
‍නිම් හිම් කොහේද මා ඉඳුරන් කම්සුහ බැන්දූ
වාවාලමින් කෙසේ රති දෙව් දූ

සුන්දරියේ රන් රසු දැල් රාව නැගේවි
රන් මිණි මෙවුලේ කිංකිණි අඩ නින්ද බිඳේවි
රන් දෙවොලේ දේවදාසි බැල්ම හෙලාවි
පූජාසනයේ පුදන්න රැඟුම් රූබර දේවි
සුන්දරියේ රන් රසු දැල් රාව නැගේවි

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment