Sundara Uyan Pethaka Song Lyrics - සුන්දර උයන් පෙතක ගීතයේ පද පෙළ

Sundara Uyan Pethaka Song Lyrics - සුන්දර උයන් පෙතක ගීතයේ පද පෙළ
Song Title : Sundara Uyan Pethaka (සුන්දර උයන් පෙතක)
ගායනය : සේනානායක වේරලියද්ද
පද : සියඹලන්ගමුවේ අමරදාස
තනුව හා සංගීතය : සේනානායක වේරලියද්ද


සුන්දර උයන් පෙතක
නුඹ පිපුනා නම්
පින්සර දෑත් වලින් නුඹටත් සැලකුම්
මින් පෙරදාක කරපු පව් දී පඩිසන්
අන්දර කැකුළේ නාඬන්

අපට විහාරයේ දොර වී අඩවල්
ගියාට ලොව වැරැද්දකින්
දුකට සැපට පිහිටට වන බැද්ද තියෙද්දින්
කුමට අපි ළතැවිල්ලෙන්

සුන්දර උයන් පෙතක
නුඹ පිපුනා නම්
පින්සර දෑත් වලින් නුඹටත් සැලකුම්
මින් පෙරදාක කරපු පව් දී පඩිසන්
අන්දර කැකුළේ නාඬන්

සසර අගාධයේ
වෙරළට ඔරුවෙන්
බලාන හොඳ පරිස්සමින්
සරණ නොලද මල් අපි කටු කැලේ හැලෙද්දෙන්
ඉඳිමු හිත සැනසිල්ලෙන්

සුන්දර උයන් පෙතක
නුඹ පිපුනා නම්
පින්සර දෑත් වලින් නුඹටත් සැලකුම්
මින් පෙරදාක කරපු පව් දී පඩිසන්
අන්දර කැකුළේ නාඬන්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment