Sudu Muthu Rala Pela Song Lyrics - සුදු මුතු රළ පෙළ ගීතයේ පද පෙළ

Sudu Muthu Rala Pela Song Lyrics - සුදු මුතු රළ පෙළ ගීතයේ පද පෙළ

Sudu Muthu Rala Pela Song Lyrics - සුදු මුතු රළ පෙළ ගීතයේ පද පෙළ
Song Title : Sudu Muthu Rala Pela (සුදු මුතු රළ පෙළ)
ගායනය : ටී. එම්. ජයරත්න, නීලා වික්‍රමසිංහ
තනුව : රෝහණ වීරසිංහ
ගී පද : කුලරත්න ආරියවංශ
“ආදර හසුන“ චිත්‍රපටයේ ගීතයක්


සුදු මුතු රළ පෙළ කිඳුරු කොදෙව්වේ
පාවඩ පලස එලා..
සිඳුලඳ ගෙනදුන් මුතු කැකුලක් සේ 
ඔබ මට තිලිණ වෙලා..

යුගදිවි වැල්ලේ අඳුරු ඉස්සව්වේ
මුකුලිත සිතැඟි සලා
අරුණැල්ලක්සේ....
අරුණැල්ලක්සේ  නුඹ මිණ පායා
සනහස ජනිත කළා...

සුදු මුතු රළ පෙළ කිඳුරු කොදෙව්වේ
පාවඩ පලස එලා..
සිඳුලඳ ගෙනදුන් මුතු කැකුලක් සේ 
ඔබ මට තිලිණ වෙලා..

සැඩ රළ රැල්ලේ සැලෙන කැදැල්ලේ
රැඳුනෙමි සරණ සොයා
පවනැල්ලක්සේ....
පවනැල්ලක්සේ නොම හැර ආවෙමි
ඔබ හද සැදෙන තුරා..

සුදු මුතු රළ පෙළ කිඳුරු කොදෙව්වේ
පාවඩ පලස එලා..
සිඳුලඳ ගෙනදුන් මුතු කැකුලක් සේ 
ඔබ මට තිලිණ වෙලා..

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment