Sithata Danena Me Lathawul Song Lyrics - සිතට දැනෙන මේ ලතැවුල් ගීතයේ පද පෙළ

Sithata Danena Me Lathawul Song Lyrics - සිතට දැනෙන මේ ලතැවුල් ගීතයේ පද පෙළ
Song Title : Sithata Danena Me Lathawul (සිතට දැනෙන මේ ලතැවුල්)
ගායනය : ටී.එම්. ජයරත්න
සංගීතය : කුලරත්න ආරියවංශ
ගී පද : රෝහණ වීරසිංහ


සිතට දැනෙන මේ ලතැවුල්
ඉවසන්නම් ඔබේ නමින්
ජීවිතයේ කෙදිනක හෝ
සැනසෙන්නට පතා ඔබෙන් //

අද ඔබ නැති බිම තනිවී
සිත දවනා අඳුරු හැඟුම්
ඉවසන්නම් කවදා හෝ
ඔබ හිමි වේ නම්

සිතට දැනෙන මේ ලතැවුල්
ඉවසන්නම් ඔබේ නමින්
ජීවිතයේ කෙදිනක හෝ
සැනසෙන්නට පතා ඔබෙන්

අද තනි යහනත වැතිරී
‍රැය නොනිදා නැගන සුසුම්
විඳගන්නම් කවදා හෝ
ඔබ ළං වේ නම්

සිතට දැනෙන මේ ලතැවුල්
ඉවසන්නම් ඔබේ නමින්
ජීවිතයේ කෙදිනක හෝ
සැනසෙන්නට පතා ඔබෙන් //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment